
මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කල තිළිණ රාජපක්ෂ යන අයට බැනවැදි පහරදි අමානුෂි සැලකිම්වලට භාජනය කිරිම හේතුවෙන් අලව්ව පොලිසියේ නිළධාරින් තුන්දෙනෙකු විසින් අදාල මධ්‍යෙව්දියාගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) තින්දු කර තිබේ.
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කළ තිළිණ රාජපක්ෂ මහතා 2021 මාර්තු 1 වන දින පොල්ගහවෙල සිට කොළඹ බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අලව්ව පොලිසිය විසින් නතර කර තිබේ.
එහි දී පොලිස් සැරයන්වරුන් වන රවීන්ද්‍ර කුමාර සහ විජේබණ්ඩාර යන අය විසින් මාර්ගයේ සුදු රේඛාව කැපූ බවට චෝදනා කර තිබේ. එය පිළිනොගත් තිළිණ ඒ සම්බන්ධව විරෝධය ප්‍රකාශ කිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් මෙම පහරදීම සිදු කර තිබේ. පසුව ඔහුට මාංචු දමා අලව්ව පොලිස් ස්ථානයට ගෙන යන ලද අතර එහිදී ඔහුට බොරු මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරන බවට තර්ජනය කර ඇත.
මේ සිද්ධියට අදාලව තිළින විසින් ගොනුකල මුලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, සම්පත් අභයකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ ලබා දී තිබුනි.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 12(1) වගන්ති යටතේ තිළිණ රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරමින්, එවකට අලව්ව පොලිසියේ සැරයන්වරුන් ලෙස කටයුතු කල රවින්ද්‍ර කුමාර, බී.එම්.එස්.එස් විජය බණ්ඩාර හා පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරින් විසින් සිය පුද්ගලික මුදලින් රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට නියෝග කරන ලදී.
ඊට අමතරව වඟඋත්තරකාර පොලිස් නිලධාරින්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා චෝදනා ගොනුකිරිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර තිබේ.
