
පොලිස්පතිවරයාගේ කාර්යාලය හා සම්බන්ධ වෙමින් වට්ස්ඇප් ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට දුන් 071 – 8598888 අංකය ඔස්සේ මේ වන විට 7000කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් මහජනතාවගෙන් ලැබී ඇති බව වාර්තා වේ.
මේ සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම ක්ෂණිකව අවධානය යොමු කරමින් විමර්ශන පැවැත්වෙන බව පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා මෙලෙස ද කීවේය.
“පොලීසිවලින් පැමිණිලි භාර නොගන්නා බවටත්, පැමිණිලි නිසි ලෙස විභාග නොකරන බවටත් මහජන තොරතුරු ලැබෙනවා. එසේම සංවිධානාත්මක අපරාධකරුවන්, මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ පොලිස් නිලධාරීන් පවත්වන සම්බන්ධකම් ආදී තොරතුරු ද ලැබෙනවා.
මේ වට්ස්ඇප් අංකයට පැමිණිලි සහ තොරතුරු දෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙනවා. මේ වට්ස්ඇප් අංකයට සාර්ථක තොරතුරු ඔස්සේ වැටලීම් සිදු කර තිබෙනවා.”
