එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන අවශ්‍යතාවක්!

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන සහ ප්‍රායෝගික අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02)  ZEE MEDIA සහ WION ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව (Global Innovation and Leadership Summit) සමුළුව අමතමිනි.

ඉන්දියාවේ මෙම අපේක්ෂාවට තමන් නිරන්තරයෙන් වාචික සහාය ලබා දෙන බවත්, එයට හේතුව ලංකාව සහ ඉන්දියාව අතර පවතින “නොසැලෙන බැඳීම” බවත් ඔහු අවධාරණය කළේය.

දෙරට අතර ඇති විශේෂ උපායමාර්ගික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි තමන් විශ්වාස කරන බවත්, එම සම්බන්ධතාවය ගැඹුරින් මුල් බැසගත් ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් මත ගොඩනැගී ඇති බැවින් එය දෙරට විදේශ ප්‍රතිපත්තියේ මූලික පදනමක් වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට හි ස්ථිර සාමාජිකත්වයට ඉන්දියාව ඇතුළත් කිරීම හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් පමණක් නොව, සමකාලීන භූදේශපාලන යථාර්ථයන් ප්‍රායෝගිකව පිළිගැනීමක් බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Social Sharing
අවකාශය පුවත්