පොලිස්පතිගේ වට්ස්ඇප් අංකයට පැමිණිලි 7000 ක්

පොලි­ස්ප­ති­ව­ර­යාගේ කාර්යා­ලය හා සම්බන්ධ වෙමින් වට්ස්ඇප් ඔස්සේ පැමි­ණිලි ඉදි­රි­පත් කිරී­මට දුන් 071 – 8598888 අංකය ඔස්සේ මේ වන විට 7000කට වැඩි පැමි­ණිලි සංඛ්‍යා­වක් මහ­ජ­න­තා­ව­ගෙන් ලැබී ඇති බව වාර්තා වේ.

මේ සෑම පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන්ම ක්ෂණි­කව අව­ධා­නය යොමු කර­මින් විම­ර්ශන පැවැ­ත්වෙන බව පොලි­ස්පති, නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පැව­සීය.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ පොලි­ස්ප­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“පොලී­සි­ව­ලින් පැමි­ණිලි භාර නොගන්නා බව­ටත්, පැමි­ණිලි නිසි ලෙස විභාග නොක­රන බව­ටත් මහ­ජන තොර­තුරු ලැබෙ­නවා. එසේම සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන්, මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් සමඟ පොලිස් නිල­ධා­රීන් පව­ත්වන සම්බ­න්ධ­කම් ආදී තොර­තුරු ද ලැබෙ­නවා.

මේ වට්ස්ඇප් අංක­යට පැමි­ණිලි සහ තොර­තුරු දෙන පුද්ග­ල­යන්ගේ අන­න්‍ය­තාව ආරක්ෂා කිරී­මට අවශ්‍ය සෑම පිය­ව­රක්ම ගෙන තිබෙ­නවා. මේ වට්ස්ඇප් අංක­යට සාර්ථක තොර­තුරු ඔස්සේ වැට­ලීම් සිදු කර තිබෙ­නවා.”

 

 

Social Sharing
නවතම පුවත්