
ඉකුත් දා අයිතිය විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ පිහිටි වසා දැමුණු සෞඛ්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වාර්තා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ආයතන රැසක් සිය අවධානය යොමු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව දෙල්ගහගොඩ සෞඛ්‍ය මධ්‍යස්ථානය පිළිබඳව එම ප්‍රදේශවාසීන්ගෙන් මධ්‍යවේදීන්, ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන වාර්තා ලබාගෙන ඇති බවට වාර්තා වේ
තවද කෑගල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක පවසා සිටියේ පසුගිය දා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාල නිලධාරීන් ද මෙම ස්ථානය නිරීක්ෂණ කළ බවයි. නමුත් ඔවුන් තවදුරටත් පවසා සිටින්නේ මෙම වාර්තාකරනයෙන් අනතුරුව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් ලී දඬු යොදවා ගනිමින් එම මධ්‍යස්ථානය හරහා තිබෙන මාර්ගය වසා දැමු ඇති බවයි. ආරක්ෂක අංශ නිලධාරීන් මේ සම්බන්ධව පවසා ඇත්තේ මෙම ස්ථානය මාස දෙකක් ඇතුළත විවෘත කිරීමට කටයුතු කරන බවටයි.
ඒ අනුව මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය හරහා පෙරදී ගැබිනි මව්වරුන් හා කුඩා දරුවන් වෙනුවෙන් සායන පවත්වා ඇති අතර මේ වනවිට එහිදි සිදුවන්නේ කුඩා දරුවන්ගේ බර කිරන කටයතු පමණක් වන අතර අනෙක් සියලු සායන කටයතු සඳහා කුඩා දරුවන් හා මව්වරු නගරය කරා යායුතු බවට වාර්තා වේ.

සෞඛ්‍ය මධ්‍යස්ථානයට පිවිසීමට ඇති මාර්ගය වසා දමා තිබෙන අයුරු
