ඒකාධිපති ස්වරූපයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කළ සංශෝධන සහ විපක්ෂයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි සඳහන්ව ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින් යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සිවිල් සමාජ සංවිධාන සහ ක්රියාකාරිකයන් ගණනාවක් විසින් නිවේදනයක් නිකුත් කොට ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවටත් පත් වෙමින් එය මානව ඛේදවාචකයක දිශාවකට යොමු වෙමින් පවතින බව ආණ්ඩුවේ ප්‍රකාශ මගින්ද පෙනී යන බව…
Read MoreTag: United National Party
ඊයේ මුදල් ඇමති ගෝඨා, අද රනිල්…!
වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන්නේ යැයි ප්‍රකාශ වීමත් සමග පැමිණි ජනතා විරෝධය නිසා අද (25) දිනයේ දී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ හට පිරිනමා ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම අමාත්‍යාංශයේ දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදුවී ඇත. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද සහභාගී වී ඇත.
Read More‘සල්ලි අච්චු ගහන්න වෙනවා’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
දැනට සල්ලි අච්චු ගහන්න වෙන බවත් සල්ලි අච්චු නොගැසුවොත් රාජ්‍ය සේවක පඩි ගෙවන්නට බැරිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ BBC සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් කියා සිටී. දැනට රුපියල් ට්‍රිලියන 3ක මුදලක් අච්චු ගසා ඇති බවත්, විදේශ සංචිත සිඳී ඇති බවත් ප්‍රකාශ කළ ඒ මහතා පසුගිය ආණ්ඩුව බොරු කියූ බවද ප්‍රකාශ කළේය. ගෝඨාගෝගම තවදුරටත් පැවතිය යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා තමන්ට බහුතරය නැතත් සියල්ලෝම එකතුකරගෙන මෙම ආර්ථික අර්බුදය විසඳා ජනතාවට තුන්වේල කන්න පුලුවන් පරිසරයක් හදන බව, පෝලිම් යුගය අවසන් කරන බව ප්‍රකාශ කරයි. තමන් 2002 දී චන්ද්‍රිකා සමග වැඩ…
Read Moreරනිල්ගේ ජනපති සිහිනයට පාර කාපට් කර ඇත..!
මේවෙනකොට රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ලංකාවේ අගමැති වෙලා. ඔව් වෙලා..! මේක හුදු අහම්බයක් ද? මට හිතෙනවිදිහට මේක අහම්බයක් නෙවෙයි. මේක ක්‍රියාන්විතයන් ගණනාවක ප්‍රථිපලයක්. සජිත් ප්‍රේමදාසගේ ළඳරු දේශපාලනය තමයි ප්‍රධානම හේතුව. සජිත්ට පාර්ලිමේන්තු බලය සහ ඒක නැවත අවධිකරගන්නේකොහොමද කියන එක ගැන අදහසක් තිබුණනම් ඒ හොඳටම ඇති, මේ බලහෝමාරුව වළකා ගන්න. ඒත් මිනිහට ඒතරමටවත්‘උකුණු පුකක‘ මොළයක් තිබුණේ නෑ. මිනිහට ඕනෑ වුණේ මස් රාත්තලම එකවර ඔඩොක්කුවට දාගන්න. මේ වෙලාවේ කවුරුඅගමැති වුණත් පාර්ලිමේන්තුව ඔහුට සහාය දෙන්න ඕනෑ අනිවාර්යයෙන් කියන එක, සජිත්ගේ ටිකිරි මොළයට තේරුණේ නෑ. එහෙමනැත්තං සජිත් ප්‍රේමදාසගේ මවාණෝ තිරුනඩේසන්ගෙ ගෙදර ගිහිං ගත්ත උපදෙස්වල…
Read Moreවත්මන් ආර්බුදයට රනිල්ගෙන් යෝජනා 9ක්
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය තුළින් සිදු වූ පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ ප්‍රථිවිපාකයක් ලෙස අද මුළු රටම විශාල අර්බුදයකට ඇද දමා ඇති බවත්ය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්කම කිරීමටත් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයත් රටේ මුල්‍ය පාලන බලතල සම්පුර්ණයෙන් පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමත් සදහා 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් වහා ගෙන ආ යුතු බවට…
Read Moreවිසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක්!
අජිත් පැරකුම් ජයසිංහ – Praja.lk දෑවුරුද්දකට මඳක් ඉහත කාලයේදී ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තේ සිටි රාජපක්ෂ පවුල අද වන විට දැවැන්ත සමාජ වෛරයකට ලක්වී තිබේ. ඔවුන්ට රටින් පළායන්නට නොදී, සොරාගත් මුදල් ආපසු ලබාගත යුතු බව මහජනයා ඉල්ලති. එය ප්‍රජාතාන්ත්‍රික හා නීත්‍යානුකූල ක්‍රම හරහා සිදුකිරීම දුෂ්කර දෙයකි. එහෙත්, රාජපක්ෂලා 2010දී සරත් ෆොන්සේකාගෙන් පළිගත්තේ මුලින් අත්අඩංගුවට ගෙන පසුව චෝදනාවක් සොයාගැනීමේ ක්‍රමයෙනි. රාජපක්ෂලාට ද එවැනිම තත්වයකට මුහුණදෙන්නට සිදුවන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. එහෙත්, එම ක්‍රියාමාර්ග ප්‍රජාතාන්ත්‍රික නැත. විප්ලවීය විය හැකිය. කරන අය වගකීම් භාරගෙන හරියට කළ යුතුය. රාජපක්ෂ පවුලේ පවා මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ…
Read Moreරනිල්ට ඇති ලොකුම ප්රශ්නය රැවුලක් නැති කම ය.
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර පාන ලද පුද්ගලයෙක් ය යන්නයි. තුන්වැන්න වුණේ, ඔහු දේශපාලනඥයෙකු නොවන නිසා, කොන්ද කෙලින් තියාගෙන වැඩ කිරීමේ හැකියාවක් ඇති පුද්ගලයෙකු විය හැකිය යන්නයි. ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන කතාව ඇත්තක් වශයෙන් මොහොතකට පිළිගත්තත්, රටක් පාලනය කිරීමට එය සුදුසුකමක් විය හැක්කේ කෙසේද යන්න මිනිසුන් සිතා තිබුණේ නැත. කොළඹ නගර ශෝභනය පිළිබඳ වාර්තාව නගරාධිපති කමකට සුදුසුකමක් විය හැකි වෙතත්, රටක නායකත්වයකට නොසෑහෙන බව මිනිසුන්ට වැටහී තිබුණේද නැත. කෙලින් වැඩ…
Read Moreවිපතට පත් ජනයා බේරාගන්න අහසින් වැටුණු සජිත්!
සමගි ජන බලවේගය පසුගිය දා වැඩ පෙන්නුවේය. ඒ අති විශාල ජනතාවක් කොළඹ නගරයට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමෙනි. එය සාර්ථක බව බොහෝ දෙනා කියති . ඒ ජන සහභාගීත්වය අතිනි. ඉතා දරුණු ලෙස පීඩාවට පත්ව සිටි ජනයාට සිය විරෝධතාවය දක්වන්නට අවස්ථාවක් ලැබී තිබිණි. එසේ වුව ද, රැලියට සහභාගී වී සිටියේ සමගි ජන බලවේගයේ ම ආධාරකරුවන් බව පෙනෙන්නට තිබිණි. ඒ අනුව එයට පොදු මහජන විරෝධයක තත්ත්වයක් නො වූ බව පෙනෙන්නට තිබේ. මේ ආණ්ඩුවට විරෝධය දක්වන්නට ඉදිරිපත් වන තවත් බොහෝ පිරිසක් මේ රටේ සිටිති. ඔවුන් ගෙන්වන්නට හෝ ඔවුන්ට ආමන්ත්‍රණය කරන්නට හෝ මේ මොහොතේ සමගි ජන…
Read Moreජාතික අපේක්ෂකයෙක් සොයා ගත යුතුයි!
කාලෙකට පස්සේ ඊයේ විරෝධතා පා ගමනකට අවසන් වෙනකම් සහභාගී වුණා. ඒක ඇත්තටම කරන දේශපාලනය නිසා ගිය ගමනකට වඩා වර්තමාන තත්ත්වය නිසා ගිය ගමනක්. මම වගේම හිතලා ආපු සෑහෙන්න පිරිසක් එතන හිටියා. සමහරු මඟ දිගට පෙළ ගැහිලා බලන් හිටියා. සමහරු වීඩියෝ කළා. ‘වීඩියෝ කළාට කමක් නෑ, ඔයාලා අපි හැවෝම වෙනුවෙන් අපි මේ කොළඹ ආවේ’ එක විරෝධතාකරුවෙක් පාර අයිනට වෙලා වීඩියෝ කරන හාදයෙක්ට කියනවා මම අහගෙන. කොල්ලුපිටියේ හන්දියේ විරෝධතා පා ගමන හින්දා ගමන අවහිර වුණ කාර් එකක හිටි නෝනා කෙනෙක්ට වීරෝධතාකරුවෙක් මෙහෙම කියනවා ‘ඔයාලට සුව පහසුව යන්න ඩීසල් පැට්රල් ටික නැති නිසා…
Read Moreආණ්ඩුව පෙරළා දමන්න සජිත්ගෙන් ට්‍රයි එකක්..
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් රට කඩාවැටී ජනජීවිතය අවුලෙන් අවුලට යෑම වැළැක්වීම සඳහා වහාම නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සජබ සාකච්ඡාවට පිවිස ඇතැයි වාර්තා වෙයි. පසුගිය 4 දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රී හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී හදිස්සියේ පැවතී ඇති අතර එහිදී විමල් වීරවංස සහ උදය ගම්මන්පිළ ඇමති ධුරවලින් ඉවත් කිරීමත් සමග ඇතිවී තිබෙන ආණ්ඩුවේ පිපිරීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. එහිදී මන්ත්‍රී කණ්ඩායමේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට හෝ වහාම පාර්ලිමේන්තු ඡන්දයක් ලබාගැනීමට හෝ විපක්ෂය උත්සාහ දැරිය යුතු…
Read More