රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණයි!

NGO in sri lanka

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණ බව රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න පවසයි.

මේ බව සංජීව විමලගුණරත්න මහතා පැවසුවේ මැයි 05 වෙනි දින ස්වාධීන රූපවාහිනියේ දී පැවති හෝප් (Hope ) වැඩසටහනට සහභාගි වෙමිනි.
“ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් පැහැදිලි ක්‍රියාවලියකි. ආයතන විසින් ලියාපදිංචිය නිසා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි ප්‍රමාණයක් තිබේ. ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී අපගේ අවධානය වැඩිපුර යොමු වන්නේ එම සංවිධානයට ලැබෙන සම්පත් හා අරමුදල් නිවැරදිව පාලනය කිරීමට හැකි පිරිසක් එම සංවිධානය තුළ සිටී ද, ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීය ද, අයථා ගනු දෙනු පහසු කිරීම සඳහා අදාල සංවිධානයට සම්බන්ධ අය එකම පවුලේ අය, හිතවතුන් ද යන්න ගැනත් ලියාපදිංචියේ දී සොයා බැලීමක් කරනු ලැබේ.ඒ සඳහා ව්‍යවස්ථාවේ සංශෝධනයක් අවශ්‍ය නම් එම සංශෝධනයන් කිරීමට දැනුම් දෙනු ලබයි. සියළුම ලියවිලි භාරදිමෙන් අනතුරුව සංවිධානයට සම්බන්ධ පුද්ගලයන්ගේ විස්තර වාර්තාවක් ලබාගනු ලබනවා. ඒ තොරතුරු ආරක්ෂක අමාත්‍යයංශයට යවා නිශ්කාශනයක් ලබාගනු ලබනවා.”

Social Sharing
අවකාශය නවතම