ඊයේ මුදල් ඇමති ගෝඨා, අද රනිල්…!

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන්නේ යැයි ප්‍රකාශ වීමත් සමග පැමිණි ජනතා විරෝධය නිසා අද (25) දිනයේ දී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ හට පිරිනමා ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම අමාත්‍යාංශයේ දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදුවී ඇත. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද සහභාගී වී ඇත.

Social Sharing
නවතම