“සජිත් ගන්න, අපි සහාය දෙනවා” ශ්‍රීලනිපය කියයි!

Sri Lanka Freedom Party is ready to support Sajith Premadasa as the Prime Minister.

සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි. කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මේ බව ප්‍රකාශ කර ඇත. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මේ වේලාවේ ඉල්ලන්නේ, සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා විදියට මේ ආණ්ඩුව භාරගන්නේ නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ඒ ආණ්ඩුව ගෙනයෑමට යම් සහයෝගයක් ලබාදීමට පුළුවන්. ඒකට අපි පක්ෂයක් විදිහට සුදානම්. රට අරාජික කරන්න බෑ. අද අපි අපේ පක්ෂ 11හේ නායකයින් සමග…

Read More

රට පාලනයට ජාතික සභාවක්..!

A national council to govern the country gotabaya rajapaksa slfp

වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර එහිදී නව අගමැතිවරයෙක් යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟවී ඇත. මේ අනුව ජාතික සභාවක් පත් කෙරෙන බව ප්‍රකාශ කරන අතර එම සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කරන බවද මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්නට නියමිත බව ප්‍රකාශ වෙයි.

Read More

ශ්‍රීලනීපයත් යනවාද? තීරණය අද

Sri Lanka Freedom Party leaves government Maithripala Sirisena slfp

කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දමන්නට ප්‍රථම එයින් ඉවත්ව ආණ්ඩුවෙනු ඉවත් වෙනවා දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරමින් සිටින බව එහි ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. පසුගිය 3දා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමත් සමග උද්ගත වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට අණ්ඩුව සමග කටයුතු කරන සුළු පක්ෂ 11හේ කණ්ඩායම අද රැස්වෙන බව වාර්තා වෙන අතර මෙම හමුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඉන්නවාද යනවාද යන්න බොහෝ දුරට තීරණය කරනු ඇතැයි ඉහත ප්‍රකාශකයා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයේ සිටින නිමල් සිරිපාල ද…

Read More

“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති

Maithripala Sirisena Polonnaruwa Kidney Hospital

රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු  විශේෂිත රෝහල, රෝගීන් සදහා  ප්‍රශස්ත  සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. “මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ නෑ. එක තැනක කතා වෙලා තියෙනවා මේ රෝහල සුදු අලියෙක් විදියට තියෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ. ඒක ඇත්ත. අද මේ රෝහලේ එකසැරේ ප්‍රතිකාර කරන්න පුළුවන් රුධිර පිරිසිදු කිරීම් 100ක් තියනවා. අද රෝගීන් 22කට විතරයි කරන්නේ.” හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සදහන් කර ඇත්තේ සති අන්තයේ  පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් සම්මේලනය…

Read More

චන්ද්‍රිකා අත්සන් කරයි.

pta act Chandrika Bandaranaike Kumaratunga R Sampanthan

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි  තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල කෙරෙන මෙම මහජන පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරය මේවනවිට විශාල ජනප්‍රියතාවයක් අත් කරගෙන ඇති අතර චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියද සිය නිවසේදී මෙම පෙත්සමට අත්සන් තබා ඇත. මීට අමතරව හිටපු විපක්‍ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් ද මෙම මහජන පෙත්සමට පසුගිය 18 දා සිය නිවසේදී අත්සන් තැබුවේය. මුලතිව් මාධ්‍ය සමාජයෙන් පෙබරවාරි 03 වැනිදා  ඇරඹි…

Read More

චන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?

Shirani Bandaranayake the next common candidate

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධානම මැදිහත්වීම කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මීළඟ දේශපාලන මැදිහත්වීම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට සූදානම් කිරීම දැයි දේශපාලන විචාරකයින් අතර කතාබහක් ආරම්භ වී ඇත. මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා මේ වනවිට දේශපාලන නායකයෝ බොහෝ දෙනෙක් උත්සාහ කරමින් ඉන්න අතරේ ඒ පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිහැඬියාවට හේතුව මෙයදැයි ප්‍රශ්නයක් බව එම විචාරකයින්ගේ මතයයි. මෙවැනි වටපිටාවක හෙට 14දා හවස 03ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී චන්ද්‍රිකා මැතිනියගේ ජීවිතය අලලා රචිත ‘චන්ද්‍රිකා’ නම් කෘතිය එළිදැක්වෙන අතර එහි ප්‍රධාන දේශනය පවත්වනු…

Read More