වෙල්ගමගෙන් අලුත් පක්ශයක්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නැඟීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

සමගි ජන බලවේගයෙන් ජන්දයට ඉදිරිපත් වුයේ  හවුල්කාර පක්ෂයක් ලෙස බවත් සමගි ජන බලවේගයෙන් ජන්දය ඉල්ලුවද තමන් ශ්‍රී ලංකාකාරයෙකු බව අවධාරණය කර සිටියි.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට අවැසි බවත් ඒ නිසා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන පක්ෂයක්  නිර්මාණය කරන බවත් එය සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ගොඩනඟන බවද ඒ මහතා කියා සිටියි.

මේ වන විට ඒ ගැන සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බවත් එම සාකච්ජා සාර්ථක බවද පවසන ඔහු කියා සිටින්නේ එම නව පක්ෂයේ නායකත්වය තාවකාලිකව ඔහු විසින් ගන්නා බවය.

ඔහු මේ බව සඳහන කර සිටියේ ඊයේ  (29) කොළඹදී  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාසයකට දානය ලබා දීමේ වැඩසටහනින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

-ශානි-

Social Sharing
නවතම