ශ්‍රීලනිපය විපක්ෂයට යන්න ලෑස්තියි

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ඕනෑම අවස්ථාවක විපක්ෂයට යෑමට සූදානම් බවත් ඒ සඳහා සූදානමින් සිටින්නැයි මන්ත්‍රී කණ්ඩායමට දැන්වූ බවත් එහි ප්‍රබලයෙක් ‘අයිතිය’ වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

රටතුළ නැඟඑන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්වීම තම පක්ෂයේ අනාගතයට බෙහෙවින් සුබ බවත්, පොදුජන පෙරමුණ තම පක්ෂයට කරනු ලබන කෙනෙහිලිකම් නිසා තම පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා අවස්ථාව ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව පසුගිය දා පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කළේ දැයි ‘අයිතිය’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සාකච්ඡා කළා පමණක් නොව තීන්දුවක්ද ගත් බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රීලනීපය ආණ්ඩුවෙන් යනවානම් ඒ යන්නේ ආණ්ඩුවට 2/3 නොව 1/2 ත් අහිමි කරමින් බවය.

Social Sharing
නවතම