ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල කෙරෙන මෙම මහජන පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරය මේවනවිට විශාල ජනප්‍රියතාවයක් අත් කරගෙන ඇති අතර චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියද සිය නිවසේදී මෙම පෙත්සමට අත්සන් තබා ඇත.
මීට අමතරව හිටපු විපක්‍ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් ද මෙම මහජන පෙත්සමට පසුගිය 18 දා සිය නිවසේදී අත්සන් තැබුවේය.
මුලතිව් මාධ්‍ය සමාජයෙන් පෙබරවාරි 03 වැනිදා ඇරඹි ත්‍රස්ත පනත අහෝසි කිරීමේ පෙත්සමට අත්සන් තැබීමේ ව්‍යාපාරය කිලිනොච්චි, යාපනය ඇතුළු උතුරු නැගෙනහිර සෑම ගමක්, නගරයක් පාසාම රැගෙන යාමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ අපේක්‍ෂා කරන බව දැනගන්නට ලැබෙන තර පසුගිය දිනෙක කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ද විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතා පෙත්සමට අත්සන් තැබීම සිදුවිණි.