ඒ කොවිඩ් මරණයක් නෙමේලු!

covid pandemic situation sri lanka ministry of health

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි බවට මේ වන විට සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් නගන එක් චෝදනාවකි. නමුත් කිසි දිනෙක ඔවුන් එයට ප්‍රති උත්තර හෝ පැහැදිලි කිරිමක්  ලබා දුන්නේ නැත. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (03) අපූරු පැහැදිලි කිරිමක් කර ඇත. ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබියදී පැහැදිලිවම පිළිකා, හෘදරෝග වැනි වෙනත් රෝගී තත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවට ඇතුළත් නොකරන බවය. නමුත් මෙහිදී හෘද රෝග හෝ…

Read More

සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!

new covid situation Government of Sri Lanka PHI

ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය දහස ඉක්මවූහ. අප දැන් සිටින්නේ අවදානම් තත්ත්වයක බවත් ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව පිලිනොපැද්දොත් ලංකාවද ඉන්දියාව මෙන් වනු ඇතැයි සෞඛ්‍ය අංශ මේ වන විට ජනතාවට  අනතුරු අඟවා ඇත. දෙවැනි කොවිඩ් රැල්ල අවසන් වෙමින් තිබු අවස්ථාවක, බ්‍රිතාන්‍ය වෛරසය බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙමින් තිබූ අවස්ථාවක සිංහල අලුත් වුරුද්දට කිසිඳු තහංචියක්/නීතියක් රජය ජනතාවට පැනවුයේ…

Read More

ඉන්දියාවේ උද්දච්ච නරේන්ද්‍රමෝඩිට දෙවෙනි නෑ අපේ පාලකයෝ – වකමුල්ලේ උදිත හිමි

Covid rule in Sri Lanka Wakamulle Uditha Thero

අපේ රට දිවයිනක්. බුද්ධිමත් පාලකයෙකුට මේ දිවයින තුළ කොවිඩ් පාලනය කිරීම සදහා එතරම් අසීරු වන්නේ නෑ. අපේ රටට පිටරැටියන් එන මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි ගුවන් මගින්. අනෙක තමයි මුහුද මගින්.  ඒ දෙක පාලනය කරන්න ආණ්ඩුව උනන්දු වූවානම් මේ ව්‍යසනයට මේ රට ට මුහුණ දෙන්න වෙන්නේ නෑ. උදයංග වීරතුංගගේ විනෝදාංශය වෙනුවෙන් ආණ්ඩුව මේ රට බිල්ලට දුන්නා යැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන්  29 දින  පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ආණ්ඩුව කොවිඩ් වසංගත තත්වයට මුහුණ දෙනවා වෙනුවට තම බලය තහවුරු කර ගැනීම සදහා කටයුතු කරමින් සිටිනවා. පසුගිය වසරේ ජනවාරි…

Read More

මිස්ටර් ශවේන්ද්‍ර, මෙවරත් අශ්වයා යනකන් ඉන්නවාද?

covid third wave Government of Sri Lanka shavendra silva

ඡායාරූපය අන්තර්ජායෙනි : ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් තත්වය හමුවේ මෘත දේහ ආදාහනය ‘ මචං සංජීව තත්ත්වය දරුණුයි, ඔක්සිජන් වුණත් හිඟවෙන්න පුලුවන් පොඩ්ඩක් අහලා බලපං උබලට තමයි ඕක කරන්න පුලුවන් ‘ කොරෝනා වෙනුවෙන් වෙන්කළ රෝහලක සේවය කරන මගේ වෛද්‍ය මිත්‍රයෙක් අද (28) හවස මාව ඇමතුවේ ය. ඔහුගේ කතාව සමග කොවිඩ් වර්තමානය ගැන ටිකක් සොයන්නට හිතුනි. (ඇත්තටම අපි තමයි හොඳටම කළේ පන්නයේ ආණ්ඩු පුරාජේරු නිසා අපි සිටියේ ඔව් වැඩේ හොඳටම කර ඇතැයි යන විශ්වාසයෙන් ය. එනිසා හෙව්වේ බැලුවේ නැත) අද සමස්ත කොරෝනා ආසාදිතයන් 1,451ක් වාර්තාවූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…

Read More

කොවිඩ් වලට අවසන් විසඳුම එන්නත්කරණයද?

covid vaccine in sri lanka ministry of health

අප දැන් සිටින්නේ කොවිඩ් වසංගතයේ තෙවැනි අවස්ථාවේය. මේ අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (26)  දිනයේදී වාර්තා විය. වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 997 ක් ලෙසිනි. මිට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 976 දෙනෙකු ඉකුත් පෙබරවාරි මස 09 වෙනිදා වාර්තා වු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසා සිටියි. ඒ අනුව ඊයේ දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 102,271ක් වන අතර ඉන් 94,577 දෙනෙක් සුවය ලබා ඇත. දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,050 ක් වන අතර මෙරට සමස්ත මරණ…

Read More

ඔක්සිජන් නැතිව දිනෙන් දින මිය යන ඉන්දීය ජනතාව

covid Disease Indian people dying without oxygen

මේ වන විට මුලු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඉන්දියාවටය. ඒ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතු කොටගෙනය. ඊයේ (26) දිනයේදී ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම 350,000 සීමාව ඉක්මවා ගොස් තිබු අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අයුරින්  ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 354,531 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව එරට සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව එක්  කෝටි හැත්තෑ තුන්  ලක්ෂ හයදහස් තුන්සියයක්  වන අතර මරණ 195,116ක් සිදුව තිබේ. නවතම වාර්තාවලට අනුව සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි අගනුවරින් එක් කොවිඩ් මරණයක් වාර්තාවෙමින් පවති. මෙය ඉතාම ඛේදජනක ත්ත්වයකි. විශේෂයෙන්ම එරට කොවිඩ් මරණ ගණන …

Read More

ජනතාව රට වටේ යයි, ශ්‍රී ලංකාවත් ඉන්දියාවට සමාන වෙයිද?

covid in india Sri Lanka Coronavirus Disease

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (24) පස්වරුව වන විට ලක්ෂයේ සීමාව ඉක්මවා ගියහ. ඒ් ඊයේ  දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි. පවතින තත්ත්වය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් කොළඹ, ගම්පහ සහ කුරුණෑගල කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූහ.  ඒ දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණ සැලකිල්ලට ගනිමිනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ රටපුරා කොරෝනා සීග්‍ර ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බවත් මේ තත්ත්වය යටතේ ජනතාව මේ සති…

Read More

කොවිඩ් එන්නතේ නියම ප්‍රයෝජනය ගැනීමටනම්!

AstraZeneca covishield vaccine Ministry Of Health ravi kumudesh

රවි කුමුදේශ් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති දැනට කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩු වීමක් දක්නට ලැබෙන්නේ රෝගය අඩුවීම නිසා නොවේ මේ වෙනකොට රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම නිසා.  එතකොට මේ පරීක්ෂණ ප්‍රමාණය අඩුවීම රෝගීන් අඩු වීමකි කියලා අපි හිතා ගත්තට, ඒ කතාවට කිසිදු විද්‍යාත්මක පදනමක්ක් නෑ, අපේ රටේ රෝගීන් අඩුවෙන්න හේතුවකුත් නෑ. මොකද සමහර අය උත්සහ කරනවා මේ ප්‍රතිශක්තිකරණ එන්නත විදගෙන යන නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා කියන්න. ඇත්තටම covishield එන්නතේ බොහොම පැහැදිලිව තියනවා එන්නත විදගෙන දෙවන මාත්‍රාවක් ලබාග ගත්ත කෙනෙක්ට පවා කොවිඩ් වැළඳීමේ  සම්භාවිතාවක්…

Read More

කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව කෝ?

covishield vaccine AstraZeneca Ministry of Health

කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙම මස 12 වෙනි දින සිට ලබා දෙන පව සෞඛ්‍ය අංශ පවසා තිබුණේ සීංහල හින්දු අලුත් අවුරුදු උදාවටත් පෙර සිටය. දැන් අවුරුදු ලබා දින කිහිපයක්ද ගෙවී ගොසිනි. එහෙත් දෙවන මාත්‍රාව ලබා දෙන කිසිදු සුදානමක්/ ලකුණක් තවමත් දකින්නට නැත. කොවිඩ් 19 වෛරසයට එරෙහිව මෙරටට රැගෙන ආ මේ එන්නත් පළමු මාත්‍රාව රජය ජනතාවට ලබා දුන්නේ PCR පරීක්ෂණ කිරිමද පසෙක දමමිනි. එන්නත ලබා දෙන සංඛ්‍යාව වැඩිවන විට PCR පරීක්ෂණ කරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු විය. කෙසේ නමුදු විශාල ප්‍රමාණයකට මෙරට කොවිඩ් එන්නත…

Read More

කොවිඩ් වැඩි වෙලා, ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන බොරු – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

Public Health Inspectors PHI upul rohana covid Coronavirus

ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන Covid 19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බවත්   Covid 19 වසංගතය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති අතර  බලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු අවශ්‍ය වේ නම් රජයේ වගකිව යුතු අංශ තම සංගමය සමඟ නිරන්තර සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කළ යුතු බවද පවසයි. බස්නාහිර පළාතට පමණක් බලපා තිබූ මේ ප්‍රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට පාහේ විහිදී ගොස් ඇති අතර දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක…

Read More