මෝදි මහත්තයට වුණ දේ අපිට වෙනවට කැමති නැහැ – ඇල්ලේ ගුණවංශ හිමි

රජයක් අපිට ඕන වෙලාවක බිහි කිරීමටත්, තියෙන රජයන් අයින් කරන්න පුලුවන් වුණත්  මේ රට, රටේ ජනතාව අපි ආරක්ෂා කරගත යුතු යැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

උන් වහන්සේ පවසන්නේ වසර 30 ක යුද්ධයකට, පාස්කු ප්‍රහාරයකට, සුනාමියට මුහුණ දෙමින් විශාල දුක් වේදනා රැසකට මුහුණ දීපු ජනතාවක් මේ රටේ සිටින බවත් ඔවුන් දැන්  කොරෝනාවට මුහුණ දෙන බවත්ය.

අපේ ජීවිතේ ගෙවිලා ඉවර වුණේ ඒවාට යැයිද ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

සරුංගලේ නූල කඩලා දැම්මා වගේ දැන් පාවී යන බවත් කොයි වේලේ කූරියා ගහලා වැටෙයිද දන්නේ නැති බවත් මෙතුවක් කලක් රජයට භාරදී සිටි නමුත් දේශපාලනඥයන් හෝ කිසිදු දේශපාලන පක්ෂයක් අතට අරන් මේ ක්‍රියාවලිය සිදු නොකළ බව පවසන උන් වහන්සේ කියා සිටින්නේ මෝදි මහත්තයාට වෙච්ච දේ අපිට වෙනවට කැමති නැති බවය.

මේ රටේ ඉතාමත් හොඳ තත්ත්වයේ තිබු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දෙස අද බැලු විට කනගාටුවක් ඇතිවෙන බවත් යුද්ධ සමයේදී අපි වෙනුවෙන් අපි කියා කියු ලෙසටම දැන් යළිත් වරක් අපි වෙනුවෙන් අපි විතරක් වීගෙන යන බවද උන් වහන්සේ කියා සිටියි.

වෛද්‍ය සේවාවේ සිටින විශේෂඥ වෘත්තිකයන් ඉදිරියට ඇවිත් කථා කරනවා වෙනුවට දැන් කතා කරන්නේ කිසියම් ආරක්ෂක අංශවල කට්ටියක් විතරක් යැයිද  හුරු පුරුදු නැති, අත් දැකීම් නැති මේ විෂය පථය පිළිබඳව කිසිම අත්දැකීම් නැති පිරිසක් මේක මෙහෙයවන බව දැනෙමින් ඇතැයිද වැඩිදුරටත් ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටියි.

උන් වහන්සේ මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමේ පැවති මාධ්‍ය හමුවකදීය.

-ශානි-

Social Sharing
නවතම