කොවිඩ් එන්නතේ නියම ප්‍රයෝජනය ගැනීමටනම්!

රවි කුමුදේශ්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති

දැනට කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩු වීමක් දක්නට ලැබෙන්නේ රෝගය අඩුවීම නිසා නොවේ මේ වෙනකොට රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම නිසා.  එතකොට මේ පරීක්ෂණ ප්‍රමාණය අඩුවීම රෝගීන් අඩු වීමකි කියලා අපි හිතා ගත්තට, ඒ කතාවට කිසිදු විද්‍යාත්මක පදනමක්ක් නෑ, අපේ රටේ රෝගීන් අඩුවෙන්න හේතුවකුත් නෑ. මොකද සමහර අය උත්සහ කරනවා මේ ප්‍රතිශක්තිකරණ එන්නත විදගෙන යන නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා කියන්න. ඇත්තටම covishield එන්නතේ බොහොම පැහැදිලිව තියනවා එන්නත විදගෙන දෙවන මාත්‍රාවක් ලබාග ගත්ත කෙනෙක්ට පවා කොවිඩ් වැළඳීමේ  සම්භාවිතාවක් පවතිනවා කියලා. රෝගය වැළඳීමේ සම්භාවිතාව නෙවෙයි මෙම එන්නතෙන් නවත්තන්නෙ, රෝගය වැළඳුන කෙනෙකුට රෝගය උත්සන්න වීමට තිබෙන හැකියාව තමයි නතර කරන්නේ.  එතකොට අපි තාම පලවෙනි මාත්‍රාව පමණක් විදපු කණ්ඩායම්ක් හැටියට කිසිසේත්ම කොවිඩ් එන්නත නිසා කොවිඩ් වැළඳීමේ සම්භාවිතාවය, ව්‍යාප්ත වීමේ අඩුවීමේ තත්ත්වයක් වාර්තා වෙන්න  විදිහක් නෑ.

කොවිඩ් එන්නතේ නියම ප්‍රයෝජනය ගන්න නං අපේ ආවේක්ෂණය ක්‍රියාවලියේ සහ පර්යේෂණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව කරන අතරතුර තමයි අපි ප්‍රතිශක්ති ක්‍රියාවලිය සිදුකළ යුතු වන්නේ. එහෙම කරොත් විතරයි අපේ රටේ සමස්තයක් හැටියට මේ ප්‍රජාව ඇතුලෙ ප්‍රතිශක්තිය වර්ධනය වෙලා  ප්‍රතිශක්තිය නැති කෙනාව ආරක්ෂා වෙන hard immunity තත්ත්වයක් ඇති වෙන්නේ. අපි උත්සාහ කරනවා නම් එක්කෙනෙක්ට දෙන්නෙක්ට විදලා ඉවරවෙලා hard immunity  එකක් හදාගන්න, ඒක කවදාවත් වෙන් එක්ක නෙවෙයි. මේ ආවේක්ෂණ ක්‍රියාවලියයි, පරීක්ෂණ ක්‍රියාවලිය යි, ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යි, තුනම එක්ම වේගයෙන් ගියොත් තව මාස හයක් හතක් යනකොට යම්කිසි පාලනමය තත්වයක් සහිත රෝගයත් එකක ජීවත්වීමේ ක්‍රමවේදයක් හැදෙයි. එහෙම නැත්තං ඉන්දියාවේ උනා වගේ මේක නැවත නැවත රැළි විදිහට හිස ඔසවයි. මේක වළක්වා ගන්නනම් දැනට කරගෙන යන විදිහට වසංගත විද්‍යා ඒකකය බල්ලගේ වැඩේ බූරුවා නොකර ඉන්න ඕනෑ. එන්නත් ක්‍රියාවලිය ශක්තිමත්ව කරන්න අපිට විශාල රෝහල් ජාලයක් වගේම සෞඛ්‍ය ආයතන පද්ධතියක් තිබෙනවා. අපි ඉතිහාසයේ සාර්ථක එන්නත්කරණයන් කරපු රටක්. හැබැයි මේ කොවිඩ් එන්නත ලබාදුන්න ක්‍රමවේදය නිසා මේ සියලු දේවල් අවුල් වුණා.

රෝහල්වල දැනට තියෙන තත්ත්වයයි, යාන්ත්‍රණයයි, රෝහල්ට ලැබෙන ප්‍රතිපාදන පිළිබඳව විශාල අර්බුදයක් තියෙනවා. ඖෂධ පමණක් නෙවෙයි අපි PCR පරීක්ෂණ ගැන කතා කළොත් ප්‍රතික්‍රියක වෙලාවට ලැබෙන්නේ නෑ. අපිට පර්යේෂණාගාරයක් පැය 24 ම දුවවන්න ඕන වුණොත් ඒකට සාමාන්‍ය අතිකාල දීමනාවක්  ගෙවන්න බැරිවෙලා තියෙනවා. රෝහල්  අධ්‍යක්ෂකවරු  ප්‍රතිපාදනයක් ඉල්ලුවාම පැය 24ක් රසායනාගාරය දුවවන්න එක්කෙනෙක්  යොදාගෙන ඒකට අති කාලයක් දෙන්න කිව්වම, සෞඛ්‍යය අමාත්‍යාංශයට ලියනවා, දෙන්නෙ නැතුව වැඩේ නතර කරලා දානවා වගේ ප්‍රතිපාදනවල ගැටලුවක් තියෙනවා. මේ ප්‍රති ප්‍රතිපාදනවල ගැටලුව නිසාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හිඟතාවයන් ගණනාවක් මතු වෙලා තියෙනවා. මේ හිඟතාවයන් සාමාන්‍ය පරිදි ගත්තොත් සාධාරණ හිඟතාවයන් පවතිනවා. ඒ වගේම කළමනාකරණ දුර්වලතා සිදුවන සියයට අසූවක් හිඟතාවයන් ගණනාවකුත් තියෙනවා. අපිට මුදල් හම්බ කිරීමට තියෙන සෑම අවස්ථාවක්ම, මුදල් නාස්තියෙන් තොරව රැකගැනීමට තියෙන සෑම අවස්ථාවකදීම,  ඒක ව්‍යාපාරිකයෝ කීප කීපදෙනෙක් අතට පත් කරලා තියෙනවා.  උදාහරණයක් හැටියට ගත්තොත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් තොරව පවත්වා ගැනීමේ හැකි හැකියාව තියෙනවා. මොකද අපි  සංචාරකයන්ගෙ සහ විදේශ ශ්‍රමිකයන්ගේ PCR කරන්නේ ඩොලර් පනහකට වඩා වියදම් කරලා. කෙනෙක්ගෙන් සාමාන්‍යයෙන් PCR පරීක්ෂණ හතරක් විතර කරනවා. ඉතින් මේ සියල්ල දීලා තියනවා පෞද්ගලික අංශයට. ඉතින් අපි විවිධ පරීක්ෂණ කරමින්  රසායනාගාරයක් නඩත්තු කරමින් ඉන්නවා. ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ගෙන්වද්දීත් ඒක ව්‍යාපාරික ක්‍රියාවලියක් විදිහට සැලකුවේ.  ඒක නිවැරදි වෙලාවට ගෙනල්ලා කටයුතු කළානම් එයින් ආදායමක් ලබන්න පුළුවන් කම තිබුණා. ප්‍රතිශක්තියකරණ එන්නතටත් මේ වෙන වෙනකොට විශාල වශයෙන් පොර කනවා විශාල වෙළඳ ව්‍යාපාරිකයෝ. අපි විශ්වාස කරනවා එක එන්නතයි තාම ලියාපදිංචි කරල දීලා තියෙන්නේ. ලෝකයේ මේ වෙන්කොට එන්නත් ලබාදීම පිළිබඳ තියෙන්නේ බුෆේ එකක් වගේ තත්ත්වයක්. මහජනතාව තමන්ගෙ එන්නත තෝරාගන්නේ අර බුෆේ එකෙන්. නමුත් අපේ රටේ තාම ලියාපදිංචි කරල තියෙන්නෙ covidshield එන්නත පමණයි. මේවා වටේ තියෙන්නෙ ව්‍යාපාරික උවමනාවන් කියලා අපි විශ්වාස කරන්නේ. රජයට අපි කියන්නේ සල්ලි නැත්තං නෑ කියන්න කියලා.  මේවා  ව්‍යාපාරිකයින්ගේ වුවමනාවට කරන්න දෙන්න නැතුව, මුදල් නාස්ති‍ය නවත්තලා ආදායම් ලැබිය හැකි තත්වයන් තියෙන ඒවා පෞද්ගලික අංශයට  යවන්නේ නැතුව රාජ්‍ය අංශයෙන් කරන්න කියන එකයි.

Social Sharing
නවතම විශේෂාංග