නිරෝධායන ඇඳීරි නීති වලින් දුර්වලම ඇඳීරී නීතිය මේක – PHI සංගමය

සෞඛ්‍ය අංශ අනුව අප දැන් සිටින්නේ කොවිඩ් තුන්වෙනි රැල්ලේය. තුන්වෙනි රැල්ලේදී වාර්තා වන ආසාදිතයින් මෙන්ම සිදු වෙන මරණ සංඛ්‍යාවද ඉහළ යමින් ඇත.

කොවිඩ් 19 වෛරසය ලංකාවට පැමිණි අවස්ථාවේ සිට මේ දක්වාම අවස්ථා රැසකදී නිරෝධායන ඇඳීරි නීතිය පනවනු ලැබුණි. මේ අවස්ථාවේද අප සිටින්නේ නිරෝධායන ඇඳීරී නීතියට යටත්වය.

නමුත් මහ මඟ වෙනදා මෙන්ම සෙනඟ ඇත. වාහන යති. සමාජ මාධ්‍ය වල සඳහන් වන්නේ පාරේ නැත්තේ පොලිසියෙන් විතරක් බවය. ඒ් තරමට ජනතාව නිරෝධායන ඇඳීරී නීතියට අවනත වීමක් මෙවර දක්නට නැත.

ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාද  කියා සිටින්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වෙනුවට මේතාක් ක්‍රියාත්මක වුණු නිරෝධායන ඇඳිරිනීති අතරින් දුර්වලම ඇඳිරි නීතිය මෙවර ක්‍රියාත්මක බවය.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ බලධාරීන්ටත් රටේ මහජනතාවටත් ඩෙල්ටා ප්‍රභේදයේ අවදානම ගැන කිසිදු තැකීමක් නැති බව ඔහු පෙන්වා දෙයි. .

මෙය එදිනෙදා මඟතොට හැසිරීමෙන් දැකගත හැකි බවත්  ඩෙල්ටාවට ජනතාවගේ භය නැතිවී ගොස් ඇති බවත්ය. කෙසේ වෙතත් මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල තවත් සති දෙකකින් දැකගත හැකි බවද උපුල් රෝහණ මහතා පවසයි.

ශානි

 

 

Social Sharing
නවතම