ඉන්දියානු ණය යටතේ යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් අපේ රටට ඉතා කඩිනමින් ලැබෙන බව දැන් ස්ථිරයි. බොහෝ දුරට යම් සහනාධාරයකුත් ලැබේවි. අපේ සමස්ත ගොවිජනතාවට තියෙන්නේ මේ වෙලාවේ හැකි උපරිමයෙන් නැවත වගාවට යොමුවෙන එක. විශේෂයෙන් කුඹුරු පුරන් වෙන්න නොදී වගා කරන එක. මේ ලැබෙන පොහොර ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. කොහොමහරි මේ යල කන්නය ඉවර වෙද්දී හාල් පිටරටින් ගේන එක නතර කරන තැනට වැඩ කරන්න අපි මහන්සි වෙන්න ඕන. මේ යලේදි වෙනදා කරපු විදිහට වගා කරන්න අපිට බෑ. ලැබෙන පොහොර ප්‍රමාණය වෙනදට වඩා අඩුවෙන්න පුළුවන්. ඉතිං කොහොමද මේ සීමිත සම්පත් ප්‍රමාණය කළමනාකරණය…
Read MoreTag: organic fertilizer in sri lanka
සහල් මිල 300ට නඟී? හේතුව කාබනික ගොවිතැන
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළ අසාර්ථක කාබනික ගොවිතැන නිසා ගොවියන්ට කලට වෙලාවට රසායනික පොහොර නොලැබී යාමෙන් ඉදිරියේදී දැවැන්ත සහල් හිඟයක් ඒවි සහ සහල් මිල රුපියල් 300ක් දක්වා ඉහළ යන්නට පුලුවන් බව පොළොන්නරුව මෝල් හිමියන් ප්‍රකාශ කරයි. මාධ්‍ය හමුවක් අමතමින් මෝල්හිමියන් වෙනුවෙන් එම සංගමයේ සභාපති මුදිත පෙරේරා ප්‍රකාශ කරන්නේ ලබන මාසය අවසන් වන විට මෙරට තුළ විශාල සහල් හිඟයක් ඇතිවෙනු ඇති බවය. මේවනවිට ගාල්ල වැනි ප්‍රදේශවල සුදු කැකුළු සහල් කිලෝවක් අලවි වන්නේ රුපියල් 150ක් වැනි මිලකටය. නාඩු සහල් කිලෝවක වර්තමාන මිල රුපියල් 165 ක් පමණ වූවත් බොහෝ කුඩා වෙළඳසැල් තුළ නාඩු…
Read More“තීන්දු තීරණ ගන්නා අය විදෙස් ආක්‍රමණිකයන්ට වඩා අන්තයි!”
විදේශ ආක්‍රමණිකයන් ගේ කාලයේදී හෝ මෙහෙම විනාශයක් කෘෂිකර්මයට සිදු නොවුණ බවත්, හරි තීන්දුගෙන රට නිවැරදිව කරගෙන යන්න තිබුණ කාලය අවසන් වී ඇති බවත්, දැන් එම කාර්ය කරන්න වෙන්නේ වෙන පිරිසකට බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරයි. දෙල්කඳ පොළේදී රටේ වර්තමාන ප්‍රශ්න ගැන මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා ප්‍රශ්න කළේ පොහොර නැතිකර ඵලදාව ගන්නේ කොහොමද කියා ය. රටේ වර්තමාන තත්ත්වයට තීන්දු තීරණ ගන්නා අය වඟකිව යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා කරන්න බැරිනම් පුලුවන් පිරුසකට රට භාරදීම කරන්න බැරි අයගේ වඟකීම බව ප්‍රකාශ කළේය.
Read Moreචීන පෝර අවුල නිසා සම්බාධක වැටෙයිද?
ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයන් තවදුරටත් බිඳවැටෙන ලකුණු පහළ වී ඇති අතර චීන වෙළඳ සම්බාධක ශ්‍රී ලංකාව වෙත පැනවේදැයි සැක මතුව ඇතැයි දැනගන්නට ලැබේ. මෙයට හේතුව වී ඇත්තේ ආන්දෝලනයකට තුඩුදුන් චීන පොහොර මෙරටට ගෙන්වනු ලැබූ චීනයේ සීවියන් බයෝටෙක් ආයතනය, චින රජයෙන් ලංකාවට සම්බාධක පනවන්න යැයි ඉල්ලීමක් කරන්නට සූදානම් වන බැවින් ය. මේ පිළිබඳව ඩේලි මිරර් පුවත්පත තොරතුරු වාර්තා කරමින් කියාසිටින්නේ අදාළ සමාගමේ ඉහළ නිලධාරීන් දැනටමත් චීන රජය වෙත ඒ සම්බන්ධයෙන් පැමිණිලි යොමුකර ඇති බවය. එමෙන්ම ඔවුන් ශ්‍රී ලංකවේ වෙළඳ කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන වෙත පැමිණිලි යොමුකරන බවද…
Read Moreකක්කා නැවකට වන්දි ගෙවපු ලෝකයේ පළවෙනි රට මේක – දයාසිරි ජයසේකර
කක්කා නැවකට ඇ.ඩො. මිලියන 6.7ක් ගෙවූ ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය 17 දා නුවර දී ප්‍රකාශ කළේය. ‘සතයකවත් පොහොර ලැබෙන්නේ නැතුව කොහෙවත් යන අසූචි නැවකට සල්ලි ගෙවන්න වෙලා මේ රටේ ජනතාවට. මේ මුදල් පුද්ගලිකව ගෙදරින් ගෙනල්ලා දෙන ඒවා නෙවෙයිනෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට වගකීම දරණ අයගෙන් ඒ ඩොලර් මිලියන 6.7 අය කරගන්න ඕනෙ. අපේ මහින්දානන්ද ඇමතිතුමා කලින් කිව්වා ඒවා අපි බාන්නෙත් නෑ, සල්ලි දෙන්නෙත් නෑ කියලා. දැන් මොකද්ද කියන්නේ? දැන් එතුමා කියනවා ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙනවා කියලා. ඉතිං මං දන්නෑ මොකක්ද මේකෙ තියෙන. මං…
Read Moreචීන අසූචිවලට වන්දි ගෙවන්න තීරණය කරයි..!
චීන අසූචි ගෙන එනවා යැයි රට තුළ විශාල මතබේදයක් ඇතිවූ සහ එනිසාම හරවා යැවුන චීන කාබනික පොහොර නැවට අදාළ පොහොර තොගය සඳහා ගෙවීම් සිදු කිරීමට රජය තීරණය කර ඇත. දෙපාර්ශවයටම පාඩුවක් නොවෙන ලෙස මෙම ප්රශ්නය විසඳාගන්න යැයි කියමින් ඒ සඳහා පසුගිය 13 දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර ඇත. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසිනි.
Read Moreගොවියන්ට නොදෙන රසායනික පොහොර වතු හිමියන්ට!
රටපුරා ගොවියෝ පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරද්දී වැවිලිකාර සමාගම් වලට පොහොර ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. “කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තේවල ගුණාත්මක පහත වැටීමක් දක්නට ලැබීම සැලකිල්ලට ගෙන, ඇමෝනියා සල්ෆේට් ආනයනය කිරීමට රජය තීරණය කර තියෙනවා,” යයි වැවිලි කර්මාන්ත ඇමැති රොමේෂ් පතිරණ කැබිනට් තීරණ දැනුම් දෙමින් පැවසීය. ලංකාවේ කෘෂිකර්මාන්තය සියයට සීයක් කාබනික කිරීමට අවශ්‍ය බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසු ගිය මැයි මාසයේ දී කෘෂි රසායන සඳහා සම්පුර්ණයෙන්ම තහනමක් පැනවීය. තේ වතු හිමියෝ සහ අනෙකුත් ක්ෂේත්‍ර වල ගොවීයෝ ජනාධිපති රාජපක්ෂගේ මෙම ප්‍රතිපත්තිය නිසා ඇති වූයේ දැඩි කෝපයකි. කාබනික පොහොර හිඟකම…
Read Moreමහාචාර්ය මාරඹේ එලියට, චීන පෝර නැවත පරීක්ෂාවට
අහිතකර බැක්ටීරියා අඩංගු බව තහවුරුවූ චීන සමාගමක නිශ්පාදිත පොහොර තොගයක් ශ්‍රී ලංකාව තුලට ගෙන්වීමට විරෝධය පෑ විෂය ප්‍රවීනයෙක් තනතුරු වලින් ඉවත් කරමින් ආනයනිත පොහොර චීන බලපෑම නිසා නැවත පරික්ෂා කිරීමට රජය තිරණය කර තිබේ. මහින්දානන්ද අළුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ජයසූරිය උඩුකුඹුර විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇති බවයි. හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වැනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ…
Read Moreපහල මල්වතු ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගොවීන් අවතැන් වේ…
පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව 2021/08/05 දින මාධ්‍ය සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ 2021 අප්‍රේල් මස බහු කාර්ය ජල ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කලත් මේ වන විට කිසිදු හේතුවක් නිසා ගොවීන් ට සිදුවන හානිය පිලිබදව හෝ ඒ හේතුවෙන් අවතැන් වන පවුල් සංඛ්‍යාව පිලිබද පැහැදිලි අදහසක් තවමත් පවසා නැත. පලමුවෙන් පවුල් 360 ක් අවතැන් වන බව පැවසුවත් දැන් මේ වන විට පවසා සිටින්නේ වාසස්ථාන අහිමි වන පිරිස 204 ක් බවයි. නමුත් ජනාධිපති ලේකම් විසින් එවන ලද ලිපියේ දැනුම් දී ඇත්තේ පවුල්…
Read Moreසහල් ආනයනය අපේ රටේ ඩොලර් හිඟ වීමට බලපායිද?
වර්තමාන රජය ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කිරීම නිසා ඉදිරියේ දී අපේ රටේ ගොවියාගේ වී මිල පහළ යාමට හේතු විය හැකි බවත් බංගලිදේශයෙන් ඩොලර් මිලියන 20ක ණයක් ලබාගෙන ඉන්දියාවට ඩොලර් මිලියන 48.6ක් සහල් ගෙන්වීම සදහා ලබා දීම අපේ රටේ ඩොලර් හිගවීමට බලපාන බවත් මහා පරිමාණ සහල් නිෂ්පාදකයෙකු වන ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. “ඉන්දියාවෙන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂායක් ඉන්දියාවෙන් ගෙන්නන්න තීරණය කරලා තියෙනවා. මේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂය ගෙන්වනවා…
Read More