කක්කා නැවකට ඇ.ඩො. මිලියන 6.7ක් ගෙවූ ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය 17 දා නුවර දී ප්‍රකාශ කළේය.
‘සතයකවත් පොහොර ලැබෙන්නේ නැතුව කොහෙවත් යන අසූචි නැවකට සල්ලි ගෙවන්න වෙලා මේ රටේ ජනතාවට. මේ මුදල් පුද්ගලිකව ගෙදරින් ගෙනල්ලා දෙන ඒවා නෙවෙයිනෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට වගකීම දරණ අයගෙන් ඒ ඩොලර් මිලියන 6.7 අය කරගන්න ඕනෙ. අපේ මහින්දානන්ද ඇමතිතුමා කලින් කිව්වා ඒවා අපි බාන්නෙත් නෑ, සල්ලි දෙන්නෙත් නෑ කියලා. දැන් මොකද්ද කියන්නේ? දැන් එතුමා කියනවා ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙනවා කියලා. ඉතිං මං දන්නෑ මොකක්ද මේකෙ තියෙන. මං හිතන්නෙ ලෝකෙ අසූචි නැවකට වන්දි ගෙවපු එකම රට ලංකාව’
පුවත් මූලාශ්‍රය : සිරස නිව්ස් චීන ආර්ථිකය