චීන අසූචි ගෙන එනවා යැයි රට තුළ විශාල මතබේදයක් ඇතිවූ සහ එනිසාම හරවා යැවුන චීන කාබනික පොහොර නැවට අදාළ පොහොර තොගය සඳහා ගෙවීම් සිදු කිරීමට රජය තීරණය කර ඇත.
දෙපාර්ශවයටම පාඩුවක් නොවෙන ලෙස මෙම ප්‍රශ්නය විසඳාගන්න යැයි කියමින් ඒ සඳහා පසුගිය 13 දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර ඇත. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසිනි.