සහල් මිල 300ට නඟී? හේතුව කාබනික ගොවිතැන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළ අසාර්ථක කාබනික ගොවිතැන නිසා ගොවියන්ට කලට වෙලාවට රසායනික පොහොර නොලැබී යාමෙන් ඉදිරියේදී දැවැන්ත සහල් හිඟයක් ඒවි සහ සහල් මිල රුපියල් 300ක් දක්වා ඉහළ යන්නට පුලුවන් බව පොළොන්නරුව මෝල් හිමියන් ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් මෝල්හිමියන් වෙනුවෙන් එම සංගමයේ සභාපති මුදිත පෙරේරා ප්‍රකාශ කරන්නේ  ලබන මාසය අවසන් වන විට මෙරට තුළ විශාල සහල් හිඟයක් ඇතිවෙනු ඇති බවය.

මේවනවිට ගාල්ල වැනි ප්‍රදේශවල සුදු කැකුළු සහල් කිලෝවක් අලවි වන්නේ රුපියල් 150ක් වැනි මිලකටය. නාඩු සහල් කිලෝවක වර්තමාන මිල රුපියල් 165 ක් පමණ වූවත් බොහෝ කුඩා වෙළඳසැල් තුළ නාඩු සහල් සොයා ගන්නට නැත. සම්බා කිරී සම්බා බාස්මතී වැනි සහල් වර්ගවල මිල හිතාගන්නත් නොහැකි මට්ටමට ළඟාවී ඇත.

මෙම තත්ත්වය තුළ මෙම අවුරුද්ද මැද වනවිට සහල් කිලෝවක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යනු ඇති අතර විදෙස් විනිමය අර්බූදය හමුවේ සහල් ආනයනය කිරීමද ගැටලුවක් විය හැකිය. සල්ලි අච්චුගැහීමේ තත්ත්වය තුළ උද්දමනයද ඉහළ යමින් තිබෙයි. මෙම තත්ත්වය තුළ බොහෝ දුරට ආහාර අර්බූදයක්ද උදාවිය හැකි බව විද්වතුන්ගේ මතයයි.

Social Sharing
නවතම