ජනාධිපතිගේ කාබනික පොහොර ගැන අවධානය රටට ආදරේ නිසයි – අමාත්‍ය සරත් වීරසේකර

කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිවරයා යොමු වූයේ ඊළඟ මැතිවරණය බලාගෙන නොවන බවත්  රටට ඇති ආදරය නිසා බවත්  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

මේ තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට නොවන බවත්  මෙම රසායනික පොහොර භාවිතය නිසා විශාල ව්‍යසනයක් ලංකාවට වන අතර වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් සංඛ්‍යාව මෙම රසායනික පොහොර භාවිතය නිසා වැඩි වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

අපේ පසට මේ රසායනික ද්‍රව්‍ය මුසු වී  ඒ තුළින් අපේ ජලයටත් මුසුවීමෙන්  ඒ ජලය පාවිච්චි කළ විට මෙවැනි රෝග නිර්මාණය වන බවද මේ ජලය පාවිච්චි කර සිදු කරන කෘෂිකාර්මික බෝග පාරිභෝජනයෙන් ජනතාවද රෝගී වනවා යැයිද අමාත්‍යවරයා පවසයි.

පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලයේ පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වුන මේ රටේ ඒ කාලේ රසායනික පොහොර නොතිබුණු අතර  ඒ ආශ්චර්යය ඉටුකළේ හෙළ කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට අනුව බවත් සඳහන් කරන ඔහු පවසන්නේ  එකල සහල් විදේශයටද යැවු බවය.

මහජන ආරක්ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මේ බව පවසා සිටියේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති පැවති රැස්වීමක දී ය.

-ශානි-

Social Sharing
නවතම