ලංවීමට සල්ලි නෑ හැබැයි කෙහෙළියට පිනට විදුලිය

keheliya rambukwella electricity board bill payment ceb

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ රු. 12,056,803.38 ක් වූ හිඟ විදුලි බිල, අවුරුද්දක් ගිහිං තවමත් ගෙවා නැත. එහෙත් තවමත් මෙම නිවසේ විදුලිය සිඳලා නැති බවත් දැනගන්නට ලැබෙන අතර ඒ වෙනුවට ලංවීම තම නිවසේ කල් ඉකුත් වූ විදුලිය බිල ගෙවා දමන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල දන්වා ඇති බව දැනගන්නට ඇත. මෙම ගෙවීමට අදාළ මුදල 2021 දෙසැම්බර් 22 වැනිදා සිට පරිභෝජනය කරන ලද විදුලිය සඳහා වූවක් බව ලංවිම ප්‍රකාශ කරන අතර ලංවීම අමාත්‍යවරයාට අදාළ ලිපිය යවා ඇත්තේ 2022 ජනවාරි 11 වැනි දාය. එම ලිපියට අනුව ගිණුම් අංක 0794072623 යටතේ අංක 400/53,…

Read More

බෙහෙත් හිඟයක්…?

Drug shortage in sri lanka

රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව වාර්තා වේ. ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි  පිළිගන්නා බව ප්‍රකාශ කරන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රකාශ කරයි. වර්තමානයේ උද්ගත ඩොලර් අර්බූදය තුළ ඖෂධ ආනයනයට විශාල බලපෑමක් සිදුවීම මෙම ඖෂධ හිඟයට හේතුව බව දැනගන්නට ඇති අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන්නේ ඖෂධ වර්ග 32කට වඩා හිඟ බවය. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යවමින් ණයවර ලිපිවලට මුදල්…

Read More

පොලු තියපු මන්ත්‍රීලගේ වතුර, තවම කපලා නෑ

MPs have avoided electricity bills

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජයන කරන මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන්ද ඇතුලත් 40 දෙනෙක් රුපියල් මිලියන 10කට වැඩි පොල්ලක්  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට තබා ඇතැයි ද එයින් මිලියන 1.8ක ජල බිලක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙවා නැතැයිද වාර්තා වෙන අතර මේ කිසි පුද්ගලයෙකුගේ අදාළ නිවෙස් වලට සැපයෙන ජලය තවමත් සිඳලා නැත. මෙම පොලු තියපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරට වත්මන් පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරුන් ද, දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ද, දැනට ජීවතුන් අතර නැති හිටපු මැති ඇමතිවරුන් 10 දෙනෙක් ද ඇතුළත් බව වාර්තා වෙයි. මේ වනවිට එම මණ්ඩලයට රුපියල් බිලියනයක පමණ…

Read More

ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!

42 arrested for participating in teachers' strike

දිගු කාලයක් තිස්සේ ඇදී යමින් පවතින ගුරු විදුහල්පති අරගලයේ තීරණාත්මක උද්ඝෝෂණයක් අද දින පැවැත්වීය. කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගැනීම, අධ්‍යාපාන ඇමති සහ සියළු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතු කොට ගෙන අද දිනයේ විරෝධතා රථ පෙළපාලි 5කින් කොට්ටාව, මොරටුව, කඩවත, හා වැලිසර සිට පැමිණි ගුරු විදුහල්පතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විශාල උද්ඝෝෂණයකට එක් විය. මෙම විරෝධතාවයට සම්බන්ධ වූ පුද්ගලයන් 42 දෙදෙනෙක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා ඇත. මෙම අත්අඩංගුවට…

Read More

online වර්ජනය තවදුරටත්!

online education strike continues Joseph Stalin

තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත් එසේ නියෝගයක් ලබා දී ඇත්තේ කොහේදැයි විමසන ඒ මහතා කියා සිටින්නේ මේ සියලුල සිදු වන්නේ ආණ්ඩුවේ සහ පොලිසියේ උවමනාව මත බවයි. එදා අධිකරණයෙන් ඇප ලබා දුන් පසුවත් නිරෝධායනයට කියා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන ගොස් කලේ නිරෝධායනය නොවන බවත් එය අයුතු රඳවා ගැනීමක් බවද කියා සිටියි. කොතලාවල පනත හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණය  මෙන්ම මිලිටරිකරණය කිරීමට සුදානමට…

Read More

කාලකන්ණි අපිද? අධ්‍යාපනයට දුන් මිලියන 996 හොරාකාපු උඹලද? – ලංකා ගුරු සංගමය

Joint protest by the Teachers and Principals Association

ගුරුවරුන්ට අවලාද නඟන මැති ඇමතිවරුන්ට වහාම කටවල් වහ ගන්නා ලෙසත් රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් මිලියන 996ක් හොරා කෑ මේ ආණ්ඩුව කාලකන්නි ආණ්ඩුවක් බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ  (16) පොලොන්නරුවේ දී පැවති ගුරු විදුහල්පති සංගම් ඒකාබද්ධ විරෝධතාවට සහභාගී වෙමිනි. ගුරු හා විදුහල්පති සංගම්වල නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටි මෙම විරෝධතාව පොලොන්නරුව පොල හන්දියේ සිට රෝහල හන්දිය දක්වා ගමන් කළ අතර රෝහල හන්දිය අසලදී විරෝධය පළ කර සාමකාමීව විසිර ගියහ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා වහා ඉවත් කරනු, ගුරුසංගම් නායකයින්…

Read More

සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන

ruwan wijewardene Statement sirasa media attack

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවත්  එය රබර් බෝලයක් ජලය තුළ ඔබ්බවාගෙන සිටීමට සමාන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් සිරස මාධ්‍ය ආයතනය නොරිස්සුමට ලක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. වර්තමාන රජයේ නොරිස්සුමට සිරස මාධ්‍ය ආයතනය නැවතත් ලක්ව ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වන බවත්  සිරස මාධ්‍ය ආයතනය යනු ජනතා ප්‍රශ්න නොබියව, සෘජුව කතා…

Read More

තිස්ස වැවේ කැනීම් කරන්නේ චීන හමුදාව නෙමේද?

Chinese army is excavating the Tissa lake

හම්බන්තොට, තිස්සමහාරාම වැවේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් විදේශිකයින් පිරිසක් කැනීම් කරන ඡායාරූප පහුගිය දිනවල අන්තර්ජාලයේ දැකිය හැකි විය. මේ කවුද? මොනවද කරන්නේ ? කියා පැන අසමින් දමා තිබු එම ඡායාරූප සම්බන්ධව මෙරට විවිධ මත පළ වන්නට විය. මෙම පිරිස විශේෂයෙන්ම වැවේ බිසෝ ‌කොටුව අසල හෑරීම සිදු කර තිබු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ කැනීම් පිලිබඳ ඔවුන් දැනුවත්ව නොසිටි බවකි. මේ පිලිබඳ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදියෙකු විසින් මතු කර තිබුණි. එහිදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ වැව ප්‍රතිසංස්කරණයේ…

Read More