කෙහෙළියට විරුද්ධ පයිප්ප නඩුව අල්ලස් කොමිසම අස්කරගනී

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් මුදලින් ජී. අයි. පයිප්ප 600ක් මිලදී ගනිමින් රජයට රුපියල් 990,000 ක මුදලක් පාඩු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබුණු නඩුව ඉවත් කරගැනීමට එම කොමිසම අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය 15 දා එම කොමිසම මෙම ඉල්ලීම කර තිබූ අතර ඒ අනුව වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල නියෝග නිකුත් කර ඇත.

වර්තමාන ජනාධිපතිවරයා සිය ධුරයට පත්වූ පසුව අල්ලස් කොමිසම විසින් දිගින් දිගටම මෙලෙස තමන් විසින්ම  ගොනු කරන ලද නඩු ගණනාවක් ඉල්ලා අස්කර ගත්තේය. එනිසා විත්තිකරුවන් බොහෝ දෙනෙක් නිදහස් විය.

Social Sharing
නවතම