ලංවීමට සල්ලි නෑ හැබැයි කෙහෙළියට පිනට විදුලිය

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ රු. 12,056,803.38 ක් වූ හිඟ විදුලි බිල, අවුරුද්දක් ගිහිං තවමත් ගෙවා නැත.

එහෙත් තවමත් මෙම නිවසේ විදුලිය සිඳලා නැති බවත් දැනගන්නට ලැබෙන අතර ඒ වෙනුවට ලංවීම තම නිවසේ කල් ඉකුත් වූ විදුලිය බිල ගෙවා දමන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල දන්වා ඇති බව දැනගන්නට ඇත. මෙම ගෙවීමට අදාළ මුදල 2021 දෙසැම්බර් 22 වැනිදා සිට පරිභෝජනය කරන ලද විදුලිය සඳහා වූවක් බව ලංවිම ප්‍රකාශ කරන අතර ලංවීම අමාත්‍යවරයාට අදාළ ලිපිය යවා ඇත්තේ 2022 ජනවාරි 11 වැනි දාය. එම ලිපියට අනුව ගිණුම් අංක 0794072623 යටතේ අංක 400/53, සරණ පාර පිහිටි අමාත්‍යවරයාගේ පරිශ්‍රයට ගෙන ගිය විදුලිය සඳහා විදුලි බිල ගෙවීමේ කාලය ඉකුත්ව ගොස් ඇති බව දන්වා ඇත.

සාමාන්‍ය පුරවැසියෙක් මාස තුනක කාලයක් එක දිගට විදුලි බිල නොගෙවා සිටිය හොත් වහාම ඔහුගේ විදුලි සැපයුම සිඳලා යළි ඇමිණුම් ගාස්තුවක්ද අයකරගන්නා ලංවීම මෙම අවස්ථාවේදී හැසිරෙන ආකාරය පිළිකුල් සහගතය.

Social Sharing
නවතම