කෙහෙළිය සොයා CID ය ඔහුගේ නිවසට යයි

හිටපු සෞඛ්‍ය  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් මේ වන විට ප්‍රකාශයක් ලබාගනිමින් සිටී.

ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන 10.00ට පමණ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් අදාළ ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර තිබේ.

Social Sharing
නවතම පුවත්