ඇමති කෙහෙලිය සෞබ්‍යයෙන් පරිසරට මාරු වේ – නව කැබිනට් පත්වීම් කිහිපයක්

අද (23) පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරණු ලැබුවා.  ඒ අනුව ප්‍රධාන අමාත්‍යංශ කීපයක අමාත්‍යධූර වෙනස් වී තිබෙනවා. මෙහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔහු දැරූ සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර ඒ සඳහා වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව රමේෂ් පතිරණ අමාත්‍යවරයා සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස අද සිට කටයුතු කරනු ඇත.

මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

මිට අමතරව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

එමෙන්ම රංජිත් සියඹලාපිටිය කැබිනට් නොවන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද පත් කර තිබෙනවා.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරාම දැඩි විරෝධයක් පැවති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔහුට එරෙහිව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යාමට සූදානමින් සිටියා.

Social Sharing
නවතම පුවත්