සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අධිකරණයට – රහසිගත ප්‍රකාශයක් කිරීම සඳහා සූදානම් බව පවසයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.

අද පෙරවරු 09ට පමණ මහර බන්ධනාගාර නිළධාරීන් විසින් සැකකරු අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

එහිදී මහෙස්ත්‍රාත් නිල මැදිරියේ දී පැය බාගයක පමණ කාලයක් ඔහු ප්‍රකාශයක් ලබා දී ඇති බවට වාර්තා වේ.

අනතුරුව සැකකාර සමන් රත්නායක මහතා බන්ධනාගාර නිලධාරින් විසින් යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහසිගත ප්‍රකාශයක් කිරීම සඳහා සූදානම් බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව අද දිනයේ එම ප්‍රකාශය සිදුකරන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියම කර තිබිණි.

Social Sharing
නවතම පුවත්