පොලු තියපු මන්ත්‍රීලගේ වතුර, තවම කපලා නෑ

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජයන කරන මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන්ද ඇතුලත් 40 දෙනෙක් රුපියල් මිලියන 10කට වැඩි පොල්ලක්  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට තබා ඇතැයි ද එයින් මිලියන 1.8ක ජල බිලක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙවා නැතැයිද වාර්තා වෙන අතර මේ කිසි පුද්ගලයෙකුගේ අදාළ නිවෙස් වලට සැපයෙන ජලය තවමත් සිඳලා නැත.

මෙම පොලු තියපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරට වත්මන් පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරුන් ද, දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ද, දැනට ජීවතුන් අතර නැති හිටපු මැති ඇමතිවරුන් 10 දෙනෙක් ද ඇතුළත් බව වාර්තා වෙයි.

මේ වනවිට එම මණ්ඩලයට රුපියල් බිලියනයක පමණ හිඟ බිල්පතක් පවතින බව වාර්තා වෙන අතර ඒ අතර සිටින බහුතරය ප්‍රභූ පුද්ගලයන් බව වාර්තා වෙයි. කෙසේ වුවත් එම මන්ත්‍රීවරුන්ගෙන් හිඟ මුදල් අයකර දෙන බවට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පොරොන්දු වී ඇති බව දැනගන්නට ලැබෙන අතර අදාළ පුද්ගලයන්ගේ නිවෙස්වලට ලබාදෙන වතුර තවමත් කපා නැති බව වාර්තා වෙයි.

Social Sharing
නවතම