එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පවරා දුන් බලය ජනාධිපතිවරයා විසින්ම ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත. පසුගිය ඔක්තෝබර් 26 වනදා මෙම කාර්ය සාධක බලකාය පිහිටුවමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි සඳහන්ව තිබුණේ “එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම මෙම කාර්ය සාධක බලකායේ කාර්යය වන අතර ඊට අදාළ සංශෝධන වේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත්…
Read MoreTag: gotabaya rajapaksa son
එක රටක්, එක නීතියක් ගැන තවත් සංවාදයක් අවශ්‍යයි – ජාතික සාම මණ්ඩලය
යුක්තිය ඉටු වන බව දැකිය යුතු අතර, සමස්තයක් වශයෙන් මේ මොහොතේ හොඳම තේරීම වනුයේ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම බවත් ඒ නිසා එක රටක්, එක නීතියක් ගැන තවත් සංවාදයක් අවශ්‍ය බවත් ජාතික සාම මණ්ඩලය පවසා සිටියි. වගවීම සහ ප්‍රතිෂ්ඨාපනය යුක්තිය වැනි මූලධර්ම අනුගමනය කරමින් ජාතික ප්රතිසන්ධාන ක්‍රියාවලියට ශක්තියක් වීම යන අරමුණු සඳහා UN සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරිමට කමිටුවේ සංයුතිය සහ ඊට ලැබී ඇති ජනවරම සුදුසු නොවන බව ජාතික සාම මණ්ඩලයේ අදහස වේ. එක් නීතියක්, එකම රටක් යන මූලධර්මය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කිරිම පිලිබඳව නිවේදනයක් නිකුත්…
Read Moreඋපන්බිමේ අතරමංවූවන්ගේ ඛේදවාචකය.
මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත් වූයේ නැත. යුද්ධය නිමාවී වසර තුනක් පමණ කල් ගත වූ කළ ජෝසප් දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරට සමු දුන්නේ නැවතත් තමන් උපන් රටට පැමිණෙන්ට වරම් ලැබීම පිළිබදව වූ අප්‍රමාණ සතුටකිනි. ලංකා ආණ්ඩුවෙන් සකස් කර දෙන ලද ගුවන් බලපත්‍රයෙන් කටුනායකට පැමිණි ජෝසප් තමන්ට හුරු පුරුදු නැවුම් සුළගින් පපුව පුරවා ගත්තේය. එදා නැවුම් බලාපොරොත්තු රැසක් සමඟ මෙරටට පැමිණි…
Read Moreවී මොල් රජයට පවරා ගන්නා ලෙස ඇමති රොෂාන්ගෙන් රජයට යෝජනාවක්!
සහල් මාෆියාව නැති කිරීම සදහා මෝල් මාෆියාකරුවන්ගේ වී මෝල් රජයට පවරාගෙන එහි සේවකයන් රාජ්‍ය සේවයට අනුයුක්ත කර හෝ ජනතාවට ප්‍රධාන ආහාරය සාධාරණ මිලකට ලබා ගැනීමේ අයිතිය රජය තහවුරු කිරීමට කටයුතු කළ යුතු යැයි පළාත් සභා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ ඊයේ (21) පැවති වැඩසටහනකට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහි දී ඇමතිවරයා මෙසේ ද කීය. සහල් මිල සම්බන්ධයෙන් කොහොමත් ඉදිරියේ දී අපි අනිවාර් යයෙන් ම පියවර ගන්නවා. මොකද අපි දන්නවා නැවතත් මාෆියාව ක්‍රියාත්මක වෙනවා. අපේ යෝජනා තියෙනවා. ඒ යෝජනා…
Read Moreතවදුරටත් අල්ලස් දේශපාලනයට රැවටෙනවාද? – පා.ම මනූෂ නානායක්කාර විමසයි.
පළාත් සභා මැතිවරණ කතාව එනවිට පන්සල් වල බෝම්බ හම්බ වෙන බවත් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න මතු වෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. මෙවර අයවැය හරහාත් මැතිවරණය වෙනුවෙන් මුදල් බෙදන්න සුදානමක් ඇති බවත් තව දුරටත් මේ අල්ලස් දේශපාලනයට රැවටෙනවා ද? කියා ඔහු ජනතාවගෙන් ප්‍රශ්න කර සිටියි. බඩුමිල ඉහල ගිහින් තියෙනකොට බදු මිලට අදාලව කටයුතු නොකර අයවැය හරහා මැතිවරණයට සුදානම් වීමක් නම් ආණ්ඩුවේ තිබෙන බවට වාර්තා වන අතර සහන දෙනවා කියා ආවට අවුරුදු දෙකක් වෙනකොටවත් කිසිම සහනයක් ආණ්ඩුව ජනතාවට නොදුන් නමුත් දිනපතා මැති ඇමතිවරුන්ට නම් සහන ලැබුනු බව…
Read MorePTA පනත ප්‍රතිසංස්කරණය කරන තුරු එය භාවිතා කිරිමෙන් වළකින්න – NPC ය රජයෙන් ඉල්ලයි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කරන තුරු එය භාවිතා කිරිමෙන් වැළකී සිටින ලෙස ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි. ජාතික සාම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සහ මෑතකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශ වලින් ඇඟවෙන්නේ රජය වැදගත් ප්‍රතිපත්ති වෙනස්කම් ගැන කල්පනා කර ඇති බවකි. රට තුළ “ත්‍රස්තවාදය ඇති කළ ගැටලු විසඳීමේ” අවශ්‍යතාවය පිළිබඳ සඳහනක් මේවාට ඇතුළත් බවද ලබන වසර තුළදී නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට හමුදා සංවත්සරයේදී ජනාධිපතිවරයා ද පොරොන්දු වු බවද ජාතික සාම මණ්ඩලය පෙන්වා දෙයි.…
Read Moreජනාධිපති ආණ්ඩුවේ අසමත්කම පිළිගනියි.
ජනතාව බලාපොරොත්තු වුණ විදියට වැඩ වුණේ නැහැ කියලා තමන් කෙරෙහි රජය කෙරෙහි අප්‍රසාදයක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) පිළිගෙන ඇත. දිනෙන් දිනම ආණ්ඩුව ජනතාව පීඩාවට පත් වන ආකාරයෙන් කටයුතු කළා මිස ඔවුන්ට සහනයක් වන ආකාරයෙන් කටයුතු කළේ නැත. ඊට ආසන්නතම නිදසුන වන්නේ මිනිසුන් නිදා සිට පසුදා එළිවද්දි ගෑස් මිල විශාල මුදලකින් ඉහළ දමා තිබිමය. ගෑස් මිල , සහල් මිල පාලනය කර ගැනීමට මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැත. ආණ්ඩුවේ මේ නොහැකියාව ගැන ජනාධිපතිවරයා පිළිගැනීම එක අතකින් සතුටට කරුණකි. නමුත් ඔහු පහුගිය කැබිනට් රැස්වීමේදීද ස්වයං විවේචනයක යෙදී තිබුණි. මේ…
Read Moreරට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු, එකල විසු කුංකුනාවේ හිමිනම කියූ කවියක් යැයි, මෙය පතලය. නන්දා මාලිනිය “පවන” ප්‍රසංගයේ ගැයූ ගීයක මුල් පද කිහිපය වූ නිසා, මෙම කවිය නැවත කරලියට පැමිණියේය. පසුගිය සමයේ මැතිවරණ වේදිකාවල මෙම කව ගිරවුන් මෙන් ගැයූ ඇතැම් “ලලනාවන්”, රට කිරීමට රජෙකු පැතීය. ඒ මෙම කව ලියු හිමිනම ගැන හෝ ලංකාව පාලනය කල රජවරුන්ගේ බහුතරයකින් රටට සෙතක් වීද…
Read Moreපාලන මිල රිවස් කරලා බඩු මිල ඉහළ යවයි.
කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ තීරණය කර ඇත. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදීය. ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත් කිරීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ .කිරිපිටි ,ගෑස් ,තිරිඟුපිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කිරිම ඒවායේ පිරිවැය ආවරණය වන පරිදි සිදු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට පැවරීමට ද එහිදී තීරණය කර තිබේ. කිරිපිටි කිලෝවක මිල රුපියල් දෙසීයකින් ද ,ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්සීය පනහකිත්ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කැබිනට්…
Read Moreආණ්ඩුව ලංකාවේ දේපල විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ජනාධිපතිට ලියයි.
ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ජනාධිපතිවරයා ලිපියක් යවමින් ඉල්ලා ඇත. ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් ජනතාවට දැනුම්දීමට කටයුතු කරන ලෙසත් එයින් ඉල්ලා ඇත. කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ පහත සඳහන් වෘත්තීය සමිති වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ජාතික සේවක සංගමය, ලංකා වෙළඳ…
Read More