තවදුරටත් අල්ලස් දේශපාලනයට රැවටෙනවාද? – පා.ම මනූෂ නානායක්කාර විමසයි.

පළාත් සභා මැතිවරණ කතාව එනවිට  පන්සල් වල බෝම්බ හම්බ වෙන බවත් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න මතු වෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

මෙවර අයවැය හරහාත් මැතිවරණය වෙනුවෙන් මුදල් බෙදන්න  සුදානමක් ඇති බවත් තව දුරටත් මේ අල්ලස් දේශපාලනයට රැවටෙනවා ද? කියා ඔහු ජනතාවගෙන් ප්‍රශ්න කර සිටියි.

බඩුමිල ඉහල ගිහින් තියෙනකොට බදු මිලට අදාලව කටයුතු නොකර අයවැය හරහා මැතිවරණයට සුදානම් වීමක් නම් ආණ්ඩුවේ තිබෙන බවට වාර්තා වන අතර  සහන දෙනවා කියා  ආවට අවුරුදු දෙකක් වෙනකොටවත් කිසිම සහනයක් ආණ්ඩුව ජනතාවට නොදුන් නමුත් දිනපතා මැති ඇමතිවරුන්ට නම් සහන ලැබුනු බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම  තාක්ෂණික දෝෂ කියා  නඩු ඉල්ලා අස් කර ගන්නා අතර  එහෙම කලාට නැවත ඒ නඩු පවරන දවසකුත් නැතැයිද පවසන ඔහු කියා සිටින්නේ  රාජපක්ෂ කදවුරේ වැරදි කරපු අයටයි, ගජ මිතුරන්ටයි පමණක් වාසි බවය.. මේ වන විට ඔවුන්  හොදටම හම්බ කරගෙන දැන් කියන්නේ අපිට නම් මොනවා වුනත් කමක් නැහැ කියා බවත් මෙහෙම තියෙද්දී ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට සල්ලි දෙන්නත්  සුදානම් කරලා යැයි මනුෂ නානායක්කාර මහතා පවසයි.

 

 

Social Sharing
නවතම