වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා ආරම්භ කළ විරෝධතාවට සහාය දක්වමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන්ද ආහාර වර්ජනයකට එක් වී ඇති  බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි.

ජාත්‍යන්තර සිකරු දිනය නිමිත්තෙන් පහුගිය පොහෝ දින සිරකරුවන් 89 ක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරිමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඉකුත් 20 දින වහල මත නැඟ විරෝධතාවයක නිරත විය.

ඒ් ඔවුන්ටද සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමිනි. ඊයේ (21)  වැනි දිනයේත් සිරකරුවන් දස දෙනෙක්  පමණ නිදහස ඉල්ලා   විරෝධතාවයේ නිරත විය.

මේ අතර ඊයේ දින සිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ද ආහාර වර්ජනයකට එක්ව ඇත. ඒ් ඔවුන්ද මෙම විරෝධතාවයට සහාය දක්වමිනි.

රැඳවියන්ගේ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් දීමට තම දෙපාර්තමේන්තුවට නොහැකි බව පවසන  බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

මරණ දඬුවම නියම වී සිටින සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්ව සිටින සිරකරුවන් 1,500 දෙනෙකු පමණ වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින බව  ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට  වරදකරු වී මරණ දඬුවම් ලබා  සිටි     ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබා දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති  ධුරටයද පත් කරන  ලදී.

දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ අවස්ථාවේත්  වැලිකඩ හා මහර ඇතුළු බන්ධනාගාර කිහිපයක සිරකරුවන් පිරිසක් තමන්ටද නිදහස ලබා දෙන ලෙස ඉල්ලමින්  විරෝධතා දියත් කර තිබුනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරේස්  19 වැනිදා හමුවූ අවස්ථාවේදී පවසා තිබුනේ දීර්ඝ කාලීනව අත්අඩංගුවේ සිටින ද්‍රවිඩ තරුණයන්ගේ  නීති කටයුතු අවසන් වු වහාම  එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවයි.

 

 

Social Sharing
නවතම