පාලන මිල රිවස් කරලා බඩු මිල ඉහළ යවයි.

කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ තීරණය කර ඇත. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදීය.

ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත් කිරීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ .කිරිපිටි ,ගෑස් ,තිරිඟුපිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කිරිම ඒවායේ පිරිවැය ආවරණය වන පරිදි සිදු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට පැවරීමට ද එහිදී තීරණය කර තිබේ.

කිරිපිටි කිලෝවක මිල රුපියල් දෙසීයකින් ද ,ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්සීය පනහකිත්ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කැබිනට් මණ්ඩලයට පසුගියදා යෝජනා කර තිබිණි .

මේ මිල ඉහළ යාම නිසා වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට එහිදී උපදෙස් දී ඇති බවද පැවසේ.

මේ අතර තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතයට අවසර දීමට එහිදී තීරණය වී ඇත.

මේ වන විට ආණ්ඩුව විසින්ම ප්‍රකාශයට පත් කළ භාණ්ඩ රැසක පාලන මිල මෙන්ම විවිධ තහනම් කිරිමේ ගැසට්ටුද හකුලාගෙන ඇත.

ශානි

Social Sharing
නවතම