RTI සමාජිකයින් පත් කිරිම ආණ්ඩු පක්ෂයේ තනි මතයට එපා – හිටපු කථානායක කරු ජයසුරිය

තොරතුරු කොමිෂන් සභාවට නව සභාපතිවරයා අතුලු පිරිස පත් කිරිමේදි ආණ්ඩු පක්ෂයේ තනි මතයට පත් කිරිමෙන් වළකින ලෙස හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති  කරු ජයසුරිය මහතා පවසයි.

මෙහි කොමිසමේ කාලය අවසන් වීමට නියමිත අතර මෙහි සභාපතිවරයා ලෙස පත් කළ යුත්තේ ස්වාධීන අපක්ෂපාති පුද්ගලයෙක් බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ දේශපාලන ක්‍රියාකාරී පුද්ගලයින් මෙයට පත් කළ යුතු නැති බවය.

මේ අවස්ථාවේ මාධ්‍ය ඇමතිගේ සහාය අවශ්‍ය බවත් ඔහු අවධාරණය කර සිටියි.

තොරතුරු කොමිෂන් සභාව පහුගිය වසර 05 කුල නිර්භීත /‌‌ෙඑතිහාසික තීන්දු ගත් බවත්  යහපාලන රජය සමයේ මේ තොරතුරු පනත හිමි වුණේ දේශපාලන මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසකගේ උනන්දුව මත බව සිහිපත් කළ කරු ජයසුරිය මහතා කියා සිටියේ මේ පනත ඊට පෙර අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න හැදුවත් විවිධ හේතූන් නිසා මඟ හැරී ගිය බවය.

මේ පනත ශක්තිමත් වීම නිසා එදා මාධ්‍යවේදීන් / මාධ්‍ය ආයතන වඩාත් ක්‍රියාකාරී වු ආකාරය දක්නට ලැබුණු බවත් රාජ්‍ය ආයතන පවා එදා ඒ් ගැන අවධානයකින් කටයුතු කටයුතු කළ බවත් ඔහු පවසයි.

නිළ අඳුම් ඇඳපු නිලධාරියාගේ සිට සාමාන්‍ය ජනතාවට පවා මේ පනත භාවිතා කිරිමේ හැකියාව තිබීම මෙහි තිබු විශේෂත්වයක් බවද කරු ජයසුරිය මහතා වැඩිදුරටත් කියා සිටියි.

ශානි

Social Sharing
නවතම