ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?

lohan

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද වැලිකඩ බන්ධනාගාරයට කඩා පැන ඇති ආකාරය පිලිබඳ පහුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ් අකාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයටද කඩා වැදී සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා මුල් අවස්ථාවේ සිටම…

Read More

කොවිඩ් නිසා ව්‍යාපෘති 221 ක් ඇණ හිටලා – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති රුපියල් බිලියන එකක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 221 ක ප්‍රමාණයක් කොරෝනා වසංගතය නිසා ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ නිසා ඇණ හිට ඇති සංවර්ධන  ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ද එම ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කිරීම පිළිබඳව පසුගිය දිනවල සාකච්ඡා වූ බව  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කොරෝනා වසංගතයේ හමුවේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය පදනම් කර ගනිමින් ඇතැම් කූට ව්‍යාපාරිකයන් පාරිභෝගික ජනතාව සූරාකෑම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය…

Read More

අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!

මුලික මානුෂිය මුලධර්මයන්ට එරෙහිව යන ප්‍රතිපාදන වලින් සමන්විත  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් බැටකන ශ්‍රී ලාංකියන් පිරිසකට සහන ලබා දීමට මැදිහත් වන්නැයි  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත ලිපියක් යොමු කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා ඇත්තේ  සැප්තැම්බර්  13 වැනි දින  ආරම්භ  වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලයේ 48වන සභා වාරයට ඉදිරිපත් කරන  ශ්‍රී ලංකාව පිළිබද වාර්තාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ඒ යටතේ රදවා සිටින  රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබදව ද ඇතුලත්  කරන ලෙසටය. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති  නීතිඥ සේනක පෙරේරාගේ අත්සනින් යුතුව…

Read More

හදිසි නීතියට TNA විරෝධය!

අනාගත වසංගත ආපදා වලට මුහුණ දීම සදහා නව නීති සකස් කළ යුතු මොහොතක ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ක්‍රියාවේ යෙදවීම දෙමළ ජාතික සන්ධානය විසින් හෙලා දකියි. මහජන ආරක්ෂක ආඥා පනතේ බලතල යොදා ගනිමින් අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අගෝස්තු 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ප්‍රකාශයට පත් කර තිබුනි. ජනාධිපති නීතිඥයකුද වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂක ආඥා පනත ක්‍රියාවට නැංවිය  යුත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුන මොහොතක බවය. “රටේ ආරක්ෂාවට අභියෝගයක්  තිබුනොත් තමයි මහජන ආරක්ෂක පනත යටතේ…

Read More

වෘත්තීය සමිති සාමාජිකයින් මර්දනය කිරිම ගැන ජනපතිට ලිපියක්!

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව විරෝධතා දියත් කළ ක්‍රියාධරයන් ඉලක්ක කරගනිමින් පොලීසිය විසින් සිදු කරන  මර්දනය නතර කිරීමට මැදිහත් වන ලෙස ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නායකත්වය  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා‌ තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත අගෝස්තු 24 වැනිදා ලිපියක් යොමු කරමින්  වෘත්තිය සමිති නායකයන්  පෙන්වා දී ඇත්තේ එම විරෝධතාවයට සම්බන්ධ වූ නායකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා තහවුරු කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය   භාවිතා කරමින්  විරෝධතාවයට  සහභාගී වු බවයි. අගෝස්තු මස 03 වැනි දින කොතලාවල විශ්ව විද්‍යාල පනත් සංශෝධනයට එරෙහිව සිසු ජන ව්‍යාපාරය විසින් පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් දියත් කළ අතර , එහිදී …

Read More

කොරෝනා බඩු මල්ලත් කප්පාදු වෙයි!

කොරෝනා ආසාදිතයින්ගේ පවුල්වලට රුපියල් දස දහසක බඩු මල්ලක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ පහුගිය වසරේ නොවැම්බර් මාසයේ සිටය.. කොරෝනා ආසාදිත පුද්ගලයාගේ අදාල වසම භාර ග්‍රාම නිලධාරිවරයා මඟින් අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට දැන්වීමෙන් පසු මෙම දස දහසක බඩු මල්ල නිවසට ගෙනවිත් දෙනු ලැබුණි. මේ වන විට මෙම බඩු මල්ලද කප්පාදු කිරිමට රජය පියවර ගෙන ඇත.ඒ් ඉකුත් දා රැස් වු කැබිනට් මණ්ඩල රැස්වීමේදිය. ඒ් අනුව මින් ඉදිරියට අදාල බඩු මල්ල හිමි වන්නේ අඩු අදායම්ලාභි නිවසක කොරෝනා ආසාදිත වන අයෙකුට පමණි. මෙතෙක් කොරෝනා ආසාදිතව සිටි සෑම පවුලකටම ලැබෙන බඩු මල්ල නොලැබී යනු ඇත. ආර්ථික…

Read More

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසටය. මෙහිදි ඔහු අදහස් කළ කැපකිරීම් මොනවාද කියා සඳහන් කළේ නැත. නමුත් ඔහු ඊයේ රටේ ජනතාව අමතන අවස්ථාවේ පවා මෙරට ජනතාව අසීමිත ලෙස කැපකිරීම් කරමින් සිටි බව ඔහු අමතක කර ඇත. මේ වන විට ලංකාවේ කොවිඩ් මරණ 6985 ක් සිදුව ඇත. මේ…

Read More

ආණ්ඩුවේ බයිලා අහන්න මිනිස්සු දැන් ලෑස්ති නැහැ – චමීර පෙරේරා

රට වසා  දැමීමට නොහැකිව ඇත්තේ ආණ්ඩුවට මුදල් නැති බව කීමෙන් පලක් නොවන අතර මීට හේතුව ආණ්ඩුවේ වැරදි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය බව  එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පවසයි. තවදුරටත් ආණ්ඩුවට සෘජු තීරණයක් ගැනීමට නොහැකි නම් ජනතාව ලෙස ස්වයං වසා ගැනීමකට යා යුතු වන බව පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ අවම සති දෙකක හෝ වසා දැමීමකට යා  යුතු බවය. තවදුරටත් පවුලක් රැක ගැනීම වෙනුවෙන් බිලි බෝයිස්ලා විය නොහැකි බව ඔහු අවධාරණය කර සිටියි. කන්න බොන්න නැති වෙයි කියා මිනිසුන්ව නිකරුණේ බය නොකරන ලෙසත් මිනිස්සු තවදුරටත් ඔය බයිලා අහලා, ඔය පවුල පස්සෙන්…

Read More

කොවිඩ් දරුණු වෙද්දී දෙවියන්ට බාර දී මැලේසියා ආණ්ඩුව ඉල්ලා අස් වෙයි!

මැලේසියාවේ කොවිඩ් දරුණු වීම මත නැඟී ආ විරෝධතා රැල්ල හමුවේ එරට අගමැති මුහයිඩීන් යස්සින් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයම ඊයේ (16) සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම හේතුවෙන් මුහයිඩීන් යස්සින් එම තීරණය ගෙන ඇත. මුහයිඩීන් යස්සින් මැලේසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේ මාස 17ක් පමණි. ඒ අනුව එරට අඩුම කාලයක් බලයේ සිටි නායකයා ද වේ. රජුට සිය ඉල්ලා අස්වීම භාර දීම සඳහා මාලිගාවට යාමට පෙර ඊයේ (16)  උදෑසන මුහයිඩින් අවසන් කැබිනට් රැස්වීම පැවැත්වීය. අවසානයේ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. “කැබිනට් මණ්ඩලය අපේ ඉල්ලා අස්වීම…

Read More

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!

මේ වන විට ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. මේ තත්ත්වය බස්නාහිර පළාතේ සංකීර්ණ වී ඇති අතර එය සෞඛ්‍ය පද්ධතියටත් අද වන විට දරාගත නොහැකි මට්ටමකට ළඟා වී තිබේ. අද කොවිඩ් ආසාදිතයින්ගේ රෝහල් පීරි ඉතිරී යද්දී  තවත් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් නිවෙස් වලට සිර වී කිසිවක් කර කියා ගත නොහැකි ත්ත්වයකට පත්ව සිටියි. ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට කොවිඩ් ආසාදිතව නිවෙස් වල පුද්ගලයින් 7000 කට වැඩි පිරිසක් සිටියි. ඒ් බව ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදීද සාකච්ඡාවට ලක් විය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ දත්ත වලට අනුව ගම්පහ එවැනි…

Read More