වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම අද (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද සම්මත වී ඇත. දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම පසුගිය වසර පහක කාලය තුළදී ඉටු නොවී තිබූ වකවානුවක මෙය ඉටු කිරීමට ලැබීම සතුටක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රකාශනයේ වතු කම්කරු ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, එසේම සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන තුළින් ඉදිරියට ගත් රජයේ ප්‍රධාන යෝජනාවක්…
Read MoreTag: වෘත්තිය සමිති
2019 බඳවාගත් අභ්‍යාසලාභීන් ස්ථිර වෙද්දි මාස 05 ක් හැලිලා!
2019 අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමේදී මාස 05ක සේවා කාලයක් අහිමිකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් අද (17) දින මානව හිමිකම් කොමිසමට (පුත්තලම) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. 2019 බඳවාගත් වයඹ පළාත් සභාවට අනුයුක්ත උපාධිධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ඊයේ (16) දින ලබාදීමට කටයුතු කර තිබෙන අතර එහි ස්ථිර වන දිනය ලෙස දක්වා ඇත්තේ 2021 ජනවාරි 1 දිනය වේ. මෙම නිලධාරීන් 2019-08-01 හා 2019-09-16 වෙනි දිනවල කණ්ඩායම් දෙකක් ලෙස බඳවාගෙන ඇත්තේ වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමටය. එහිදී 14000 ක පමණ සංඛාවක් ඇත. දෙදහස් ගනනක් ඇත්තේ පළාත් සභා තුලය. අනෙක්…
Read Moreකොරෝනා එන්නත ගෙනාවාට රටටම දෙන්න මදි
ශ්‍රී ලාංකිකයන් කොරෝනා රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම සදහා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අනතුරු අඟවා තිබේ. රටක වෙසෙන ජනතාවගෙන් සීයට විස්සක ප්‍රතිශතයකට කෙටි කාලයක් තුලදී එන්නත ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය බැව් පෙන්වා දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරන්නේ ඉන්දියාවෙන් පළමු වටයේදී මෙරට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය ලබා දිය හැක්කේ දෙලක්ෂ පනස් දහසක් දෙනාට පමණක් බවයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා ලක්ෂ පහක් පසුගියදා මෙරටට ගෙන්වා තිබුනි.…
Read Moreඉන්ජෙක්ෂන් වැකේෂන් එක ඉන්න නිසා තෙවැනි රැල්ලත් අත ළඟ…
PCR පරීක්ෂණ ප්‍රමාදයට හේතුව රජයේ රසායනාගාර වල ධාරිතාව පිලිබඳ ගැටලුවක් නොවන බවත් මෙය පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමණාකරණයේ දුර්වලතාවයක් වන අතර අද රසායනාගාර සේවාව කළමණාකරණය කරන්නේ ඒ පිලිබඳව මල පොතේ අකුරක්වත් දන්නේ නැති කණ්ඩායමක් යැයි වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. එමෙන්ම මේ සෞඛ්‍ය කණ්ඩායම් සහ ජනාධිපති කාර්ය සාධක බලකා උද්දච්ඡකමකින් පසු වෙන බවත් කාර්ය සාධනය නිසි අයුරින් සිදු නොවන බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ PCR පරීක්ෂණ පමණක් කිරීමට ලංකාවේ රසායානාගාර 15 ක් පමණ ක්‍රියාත්මක වෙන බවත් නමුත් අද වෙනකම් රසායානාගාර කළමණාකරුවන් හෝ රසායනාගාර වෘත්තිය සමිතියක් සමඟ…
Read Moreආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ? – අජිත් පැරකුම් ජයසිංහ
දේශපාලන අවස්ථාවාදයෙන් තොරව හිටපු ඇමති මංගල සමරවීර රජයට සහාය දීමට ඉදිරිපත් වී තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් මංගල සමරවීර පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම අත්‍යවශ්‍යම කාරණය බවයි. ”ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද, තරැණයින්ට රැකි රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද, විදේශ ආයෝජකයින් අප රටට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණයි,” යි මංගල සමරවීර පවසයි. මංගල සමරවීර දක්වන අදහස් ඉතා වැදගත්ය. එම වීඩියෝව මෙහි දැක්වේ.…
Read Moreරෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ ක්‍රියා නිසා හෙද නිලධාරීන් හෙට දිනයේ වෘත්තිය සටනකට!
කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙමින් තිබූ විශේෂ නිවාඩු අවලංගු කිරීමට ඇතැම් රෝහල් අධ්‍යක්ෂකවරුන් පියවර ගනිමින් සිටින බව අනාවරණය පහුගිය දෙසැම්බර් මාසයේදීය. මෙහිදී සමස්ත ලංකා හෙද සංගමය විසින් නිවේදන නිකුත් කරමින් පෙන්වා දුන්නේ මේ නිසා හෙද හෙදියන් දැඩි අවධානමකට ලක් වී සිටීන බවය. නමුත් ඊට අදාල බලධාරීන් මෙතෙක් මුණිවත රැකීම නිසා හෙට (15) දිනයේදී මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය මහ රෝහල, ජාතික අක්ෂි රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් ගණනාවක ආයතන ප්‍රධානීන්ගේ ක්රියාකලාපයන්ට එරෙහිවත් ඊට විරෝධය පල කිරීම සඳහාත් පෙරවරුවේ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට මේ වන…
Read More