මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සංගමය දෙකඩ වෙයි!

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයෙන් නොයේක් වරප්‍රසාද ගනිමින් තම වෘත්තීය අයිතීන් පාවා දෙමින් ඇතැයි කියමින් එම හිමියන් නායකත්වය දරණ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් පිරිසක් සංගමයේ තීරණයන් පසෙක දමා මේ වනවිට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග එකතුවී ඇතැයි දැනගන්නට ලැබේ.

වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත්වෙන නිසා රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියට අනෙකුත් සංගම්වලට වැඩ වර්ජනය  වහාම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි නීතිපතිවරයා කොළඹ දිසා අධිකරණයෙන් පසුගිය 10 දා කළ ඉල්ලීමට එම අධිකරණ ප්‍රතිචාර දක්වමින් වැඩ වර්ජනය අත්හිටුවන්න යැයි වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

Social Sharing
නවතම