දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන වෙහෙස වූ  තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ “රැවටුණා – වැරදුණා” යන්න පමණක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි

මහජනතාව අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කෑමවත්, ආහාරවත් නෙමේ ජීවත් වීමේ අයිතිය බව උන් වහන්සේ අවධාරණය කරයි.

මොන ආණ්ඩුව මේ රටේ බලයට පත් වුණත් වැඩක් වුණැයින් පසුව ප්‍රතිකර්ම සොයන බවද මේවාට කලින්ම ප්‍රතිකර්ම සොයාගෙන තිබුණා නම් මෙතරම් දුරක් යාමට සිදු නොවන බවද හෙතෙම සඳහන් කර සිටියි.

කොළඹ මහනගර සභාවේ සහයෝගයෙන් අභයාරාමයේදී 1000 කට අධික පිරිසකට කොවිෂිල්ඩ් එන්නත් ලබා දුන් බවත් එදා ඔවුන් පැවසුයේ දෙවැනි මාත්‍රාව සති 10-16 න් ලබා ගත යුතු වුවත් දැන් මාස හයකට ආසන්න වී ඇතත් තවම දෙවැනි මාත්‍රාව නැති බව පෙන්වා දෙන උන් වහන්සේ පවසන්නේ මේ නිසා ජනතාව තුල බියක් හටගෙන ඇති බවය.

ඒ නිසා මහජනතාව අද තමුන්ට මේ රජය බලයට ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තර්ජනය කිරීම් / බලපෑම් සිදු කරන බවත් ඒ නිසා තමන් අග්‍රමාත්‍යවරයාට මේ බව ලිඛිතව දැනුම් දුන් බවත් ඒ අනුව අග්‍රමාත්‍යවරයා අභයාරාමයේ සිටම පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඒ එන්නත් ටික ලබා දෙන්න කියා සිටි බවත් නමුත් අද ඇය බබෙක් වගේ හැසිරෙමින් විවිධ ප්‍රකාශ කරමින් සිටින බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

දෙවනි එන්නත ලබාගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අග්‍රාමාත්‍යතුමාගේ ලිපියකුත් යොමු කර ඇති බවත් තමන්ද කිහිප අවස්ථාවක්ම ඇයට ලිපි යවා ඇතත් පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය මහ බොළඳ කතාවක්, හෝඩියේ කතාවක් කියන බවත් එතුමියගේ අනුමැතිය ඇතිව මේකෙ පළවෙනි එකත් ගත් බවත් අද එතුමිය මේ පිළිබඳ වගකීමක් දන්නෙ නෑ කියන්නේ නම් එතුමියගේ මොළේ ආබාධයක් තිබිය යුතු බවද උන් වහන්සේ කියා සිටියි.

දිනනකොට අභයාරාමය හොඳ බවත් යමක් ඉල්ලනකොට අපි අභයාරාමයට දුන්නේ නැතැයි කීම කණගාටුවට කරුණක් යැයිද උන් වහන්සේ පවසයි.

නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (01) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව පැවසුවේය.

-ශානි-

Social Sharing
නවතම