දුමින්ද සිල්වාට රට සවාරි තහනම් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

fundamental rights petition to ban Duminda Silva from traveling abroad

අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය හොබවන සමයේ ඔහුගේ වෘත්තීය සමිති උපදේශකයා වූ  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මරා දැමීමට  වරදකරු වී මරණ දඬුවම් ලබා  සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ලබා දුන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතීඥ ගසාලි හුසේන් විසින් ගොනු කර තිබෙන මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වන්නේ  නීතිපතිවරයායි. මරණ දඩුවම් ලබා සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 සහ 34 (1) වගන්තී …

Read More

රංජන් නිදහස් කරන්නැයි ඉල්ලා කලාකරුවන් පෙළ ගැසෙයි!

Artists call on government to grant amnesty to Ranjan Ramanayake

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ මරණීය දඬුවම ලබා බන්ධනාගාර ගතව සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලැබී දැන් පොහොයක් පසු වී ඇත. නිදහස ලබා මාසයක් යාමට මත්තෙන් ඔහුට රජයේ අධිකාරියක සභාපතිධුරයක්ද හිමි විය. නමුත් සත්‍ය කථා කළ රංගන ශිල්පි, හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු රංජන් රාමනායක මහතා තවමත් සපිරි ගෙයි වෙසෙන්නේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා, ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලා සාධාරණ සාමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසුරිය මහතා ද ජනාධිපිතවරයාට ලිපියක්…

Read More

දුමින්ද සිල්වා ආපසු හිරේ යවන්න හිරුනිකාගෙන් පෙත්සමක්!

petition from Hirunika to send Duminda Silva back to jail

වත්මන් අගමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඩුවම් ලැබූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට සමාව දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ ඝාතනයට ලක්වූ  භාරත ලක්ෂමන්ගේ දියණිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසිනි. පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නේ ඉකුත් 24 වැනිදා දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත්, එලෙස සමාව දීමට අදාළ ලේඛන අධිකරණයට කැඳවා පුර්ණ පරීක්ෂණයක්…

Read More

මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවේ! – නීතිඥ ටිරන්ත වරලියද්ද

right of the people to Freedom of speech tirantha walaliyadda

ආණ්ඩුවක් පවතින්නේ මහජන මතය මත බවත් එය මර්ධනය කළහොත් ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා පවසයි. මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කළහොත් මහජනතාවගේ අසා සිටීමේ ජනතාවගේ අයිතිය අහිමි වන බවත් මෙය  ඉදිරියේදී මහා ගැටලුවක් ඇති විය නිමිත්තක් විය හැකි බවද ඔහු පවසයි. මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවන බවත් එය මනුෂ්‍යයාගේ අවේණික දෙයක් බවත් ව්‍යාවස්ථාවෙන් එය තවදුරටත් හඳුනා ගැනීමක් පමණක් සිදු කර ඇතැයිද ඒ මහතා පවසයි. කථා කිරීමේ නිදහස මර්දනය කළ විට මහජනතාව නිශ්ශබ්ද වන බවත් මහජනතාවගේ නිශ්ශබ්දතාවය යනු බොහෝ බරපතල දෙයක්…

Read More

රංජන් රාමනායකටත් ජනාධිපති පොදු සමාව දෙන්න බැරි ඇයි? – කරූ ජයසුරිය

Ranjan Ramanayake presidential pardon Karu Jayasuriya

ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති,  හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ ඔහු ඉල්ලා ඇත්තේ ගතහැකි නීත්‍යානූකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදා ගනිමින් රංජන් රාමනායක ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට සලකා බලන ලෙසටය.  අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරඳඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර දණහිසේ ආබාධයක් උග්‍ර අතට හැරීම හේතුවෙන් පසුගියදා කරාපිටිය රෝහලට ඇතුළත්…

Read More

නීතියේ ආධිපත්‍යය දුර්වල කරනු එපා – කොළඹ නීතිඥ සංගමය

bar association of sri lanka duminda silva presidential pardon

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී බලතල ක්‍රියාත්මක කිරීමේදී අත්තනෝමතික සහ තෝරාගත් පරිදි ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය කියා සිටියි. ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් අදාළ ජනාධිපතිවරයා අදාළ බලතල ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රඥාවන්ත සහ විචාරශීලීව යැයි ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති ප්‍රකාර ඒ අනුව අනුගමනය කළේ ද යන්න දැනගැනීමට ජනාතවට අයිතියක් ඇති බවත්  ඒ අනුව අදාළ ක්‍රියා පිළිවෙළ අනුගමනය කළේද යන්න සම්බන්ධයෙන් සහ වාර්තා,…

Read More

දුමින්ද නිදහස් කලේ සැලසුමක් ඇතුව – සිනමාවේදී ජගත් මනුවර්ණ

Duminda was released with a plan Jagath Manuwarna

එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් සමඟ මරණ දඬුවම නියමිතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද සිල්වා නිදහස් කර ඇත්තේ ඊට කිසිවෙකුටත් විරෝධතාවයක් මතු කරන්න බැහැ කියා රජය හොඳින්ම දන්නා නිසා  බව  සිනමාවේදී ජගත් මනුවර්ණ මහතා පවසයි. දෙමළ සිරකරුවන්ට නිදහස ලබා දෙන ලෙස වසර ගණනාවක සිට මෙරට තිබු ඉල්ලීමක් වන අතර එය ජාත්‍යන්තරය දක්වාම ගිය සිද්ධියක් බවත් ඒ නිසා මෙලෙස දෙමළ සිරකරුවන් 16 කට ජනාධිපති සමාව දෙන අවස්ථාවේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් නිදහස් කළේ සැලසුමක් ඇතුව බවද ඒ මහතා පවසයි. දුමින්ද සිල්වාගේ නිදහස් කිරීමට විරෝධය දැක්වුවහොත් එසේ නම් කොටි නිදහස් කිරීමට කැමතිද කියා රජය පෙරළා…

Read More

ජනාධිපති සමාව දෙන්නේ නීතියට පිටින්ද – නීතිඥ දුලාන් දසනායක

Gotabhaya Rajapaksa presidential pardon in sri lanka

2019 නොවැම්බරයේදී ජනාධිපතිතුමාගේ විජයග්‍රහණයෙන් පසු අපේක්ෂා කල පරිදි දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබා දී තිබේ. තරමක් කල් ගත වුවත් අපේක්ෂා කල ප්‍රථිඵලය ලැබී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති සමාව ලබා දුන් දෙවන ප්‍රසිද්ධ පුද්ගලයා දුමින්ද සිල්වාය. පළමු වැන්නා සුනිල් රත්නායකයි. මෙම පුද්ගලයන් දෙදෙනාටම ත්‍රි පුද්ගල මහාධිකරනයන් මගින් මරණ දඩුවම ලබා දුන් අතර ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මණ්ඩලයන්ගෙන් එකී තීන්දුද තහවුරු කරනු ලැබ තිබුණි. ජනාධිපති සමාව ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ පළමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ නොවේ. එය සියළුම ජනාධිපතිවරුන් පාහේ සිදු කර ඇත. නමුත් කෙටි කලක් තුලදී මෙරට උපරිමාධිකරණය…

Read More

දුමින්ද සිල්වා මිනීමරුවකු වුණේ කොහොමද ? ඇත්ත නොකියන ‘හිරු’ හංගන පැත්ත

Duminda Silva released presidential pardon High Court

අරුණ ජයවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළ නිසා, දුමින්ද සිල්වා මිනීමැරුමට වරදකරු කරනු ලැබුවේ හෙවත් මනුෂ්‍ය ඝාතකයකු ලෙස නම් කරන ලද්දේ, ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් විසිනි. දැන් ඔහු ඉන්නේ හිරගෙදරය. ඒ අතර, ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු අපරාධකරුවන් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දැන් විභාග වෙමින් පවතියි. ඒ අභියාචනයේ තීන්දුව ලැබෙන තුරු මේ පිරිස මනුෂ්‍ය ඝාතනයට වැරදිකරුවන් වී මරණ දඬුවම ලබා ඇත්තෝය. අගවිනිසුරු පියසාත් ඩෙප්, බුවනෙක අලූවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ මලල්ගොඩ යන පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අභියාචනය විභාග වන්නේ, ත‍්‍රිපුද්ගල…

Read More