ගෝඨාභය දුමින්ද සිල්වාට ලබා දුන් “පොදු සමාව” ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි!

Supreme Court Declares Duminda Silva Pardon Unlawful

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් “පොදු සමාව” නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (17) ඒකමතිකව තීරණය කළා.

ඒ හිටපු ජනාධිපතිවරයා ලබා දුන් පොදු සමාවට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව සහ නීතිඥ ගසාලි හුසේන් යන තිදෙනා විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව ලබා දෙමින්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට අදාළව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබුණා. පසුව එම විත්තිකරුවන් ඉදිරිපත්කල අභියාචනා සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මහාධිකරණ තීන්දුව නැවත තහවුරු කර තිබුනා.

ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විත්තිකරුවන් පස්දෙනා අතර සිටි දුමින්ද සිල්වා හට පමණක් පොදු සමාව ලබාදීමට තීරණය කළා.

ඊට පසු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ඉදිරිපත් උනේ එම ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින්ය.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු කළ අතර, විනිසුරුවරුන්ගේ ඒකමතික තීරණය වූයේ, දුමින්ද සිල්වා මහතා හට ජනාධිපති පොදු සමාව ලබාදීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවන බවයි.

Social Sharing
අවකාශය නවතම