පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.

වෙරිටේ රිසර්ච් ආයතනය 2022 ජූනි මාසයේ සිදුකර තිබෙණ ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත.

සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව තහවුරු වන ආකාරයට තෝරාගත් වැඩිහිටි පුරවැසියන් 1052ක් ඇසුරින් මෙම ජනමත විමසුම සිදුකර තිබේ.

විධායක ජනපති ක‍්‍රමය එළෙසම පවත්වාගෙන යා යුතු බව පවසා තිබෙන්නේ 15%ක පිරිසකි.

තවත් 15%ක පිරිසක් විධායක ජනපති ක‍්‍රමය අහෝසි නොකර සංශෝධිත බලයන් යටතේ පවත්වාගත යුතුව තිබෙණ බව සහ, පොදුවේ මෙම විෂය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප‍්‍රතික්ෂේප කර තිබෙණ කාණ්ඩය නියෝජනය කරයි.

executive presidential system in sri lanka

Social Sharing
නවතම