ගෝඨාගේ තටු කපන්න විජේදාසගෙන් යෝජනා!

වර්තමාන අර්බුදය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුව වෙත වහාම පැවරිය යුතු බවත්, ඒ සඳහා තමන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය 22 දා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරයි.

විධායක බලය තනි පුද්ගලයෙක් අතේ තිබෙන කම් ජනතා ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න බැරි බව ප්‍රකාශ කරන ඒ මහතා එම බලය ජනතාවට සහ පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍ය මණ්ඩලය වෙත පැවරිය යුතු බව ප්‍රකාශ කරයි. එම අරමුනෙන් 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, 21 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරෙන් එක් මන්ත්‍රිවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගත යුතු බවත් ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය මෙහෙයවන්නට පුළුවන් සුදුස්සෙක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කරනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසියන්ට රටේ ඇමතිකම් දරන්න බැරි බවද සඳහන් කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම