නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ උත්සාහය පරාජය කළේ වරාය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ ප්රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට අනුව නම් ජැටිය බේරාගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මෙසේ සඳහන් කළේ ජවිපෙ මූලස්ථානයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුව අමතමිනි. ආණ්ඩුව රාජ්‍ය බලය හා මාධ්‍ය බලය භාවිතා කරමින් ජනතාව තුළ වැරදි මතයක් තහවුරු කිරීමට සූදානම් වන බවත්, ජැටිය විකිණීමේ උත්සාහය පරාජය කිරීමේ ගෞරවය බලෙන් ලබා ගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බවත් ඒ මහතා පවසයි. කපටි ආරක්ෂකයන් විසින් ගන්නා මෙම උත්සාහය…
Read MoreTag: වරාය අධිකාරිය
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අත්සන් කළ ත්‍රෛයිපාර්ශවීය ගිවිසුම කුමක්ද?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ තිබු ගැටළුව සමතයකට පත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ 100% ක්ම වරාය නැගෙනහිර කොටස සංවර්ධනය කෙරෙන්නේ වරාය අධිකාරිය විසින් බවය. කැබිනට් මණ්ඩලයෙන්ද ඊට අනුමැතිය ලැබුණු අතර ඔවුන් කියා සිටියේ නැගෙනහිර කොටස මෙරටට තබා ගනිමින් බටහිර කොටස ඉන්දියාවේ ආයෝජකයින් වෙත පැවරීම පිලිබඳ සොයා බැලීමට අනු කමිටුවක් පත් කළ බවය. නමුත් මේ පිලිබඳ මාධ්‍ය වාර්තා කර සිටිමත් සමඟ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කියා තිබුණේ 2019 මැයි 28 වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග කොළඹදී ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් තැබූ එකඟතා ගිවිසුම…
Read Moreනැගෙනහිර බැරිනම් බටහිරින් ආදානිගේ දොලදුක සංසිඳවයිද?
සමාජ ආන්දෝලනයට තුඩු දී ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම පවත්වා ගැනීමට ඊයේ (01) විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අද සියලුම පුවත්පත් වාර්තා කර තිබේ. එම පුවත් වලට අනුව වරාය වෘත්තිය සමිති සිය සටනින් ජයගෙන ඇත. නමුත් විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රකාශය හොඳින් කියවා බැලීමේදි පෙනී යන්නේ වරාය වෘත්තිය සමිති ජයගෙන නොමැති බවය. මන්ද රජය ඉදිරියට තැබු පය ආපසු ගෙන නැත. සිදුකර ඇත්තේ පාදය තබන ආකාරය මඳක් වෙනස් කිරිම පමණකි. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට දිය…
Read Moreවරාය සටනට මොනවා වෙයිද?
කොළඹ වරාය පිලිබඳ ගැටලුව මේ වන විට දසත ඔඩු දුවමින් ඇත. ඇතමුන් විකණීමට කථා කරන වරාය තවකෙක් කියන්නේ විකුණන්නේ නැති බවය. කථා දෙකක් කිව්වත් ඔවුන් එකම පිලේය. දේශපාලන වාසි තකා ඔවුන් දෙපැත්තටම කථා කරති. මෙයින් තැලෙන්නේ වරාය සේවකයාය. මේ වන විට වරායේ නැගෙනහිර පර්යන්තය පවතින්නේ ඉහළම ලංසුවකය. එහි ප්‍රධාන ගැණුම්කරු ඉන්දියාවේ ආදානි සමාගමය. මේ අතර ද ලීඩර් පුවත්පත මේ සම්බන්ධව වාර්තා කර තිබුණේ අපූරු පුවතකි. ඒ ඉන්දියාවේ අදානි සමාගමෙන් වැටුප් ලබාගන්නා පිරිස් ආණ්ඩුව තුළත් සිටින්නේදැයි සැක මතුවන බව ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසන බවය. වරාය…
Read More