නැව, මුහුදත් කාලා, ඩොලරුත් ගිලියි!

පසුගිය දා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ලංකාවේ සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිඥ සමාගමකට ඩොලර් 222,291ක් ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අධිකරණ ඇමති අලි සබ්‍රි ඉදිරිපත් කර ඇත.

ඕස්ට්‍රේලියාවේ ස්පාර්ක් හෙල්මෝර් නීතිඥ සමාගම සඳහා ඇ.ඩො 64,093, 84,170, 74,028 ලෙස අවස්ථා 3කදී මෙම ගාස්තු මුදල් ගෙවීමට නියමිතව ඇති බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි. මෙම සමාගමේ සහාය ලබාගෙන මේ වනවිට අයකර ගෙන තිබෙන මුළු වන්දි මුදල රුපියල් මිලියන 259.6ක් බවද එම කැබිනට් පත්‍රිකාවෙන් හෙළිවේ. මෙම මුදල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1.28ක් ය.

මේ අනුව ලබා ගත් වන්දි මුදලින් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් නීතිඥ ගාස්තු ලෙසින් ගෙවීමට සිදුවී ඇත.

Social Sharing
නවතම