ඉන්දියාවෙන් සහල් දිවයිනට

අද (11)දිනයේ ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවත්, සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් රුපියල් 130 කට අලෙවි කෙරෙන බවයි.

මේ අතර, අවුරුදු සමයේ ජනතාවට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැර ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ, කෙසේ වෙතත් කිරිපිටි පමණක් සුළු හිඟයක් පැවැතිය හැකි බවය.

ඉදිරියේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ යා හැකි බව ද ඔහු පැවසුවේ ය.

Social Sharing
නවතම