සහල් සීනි පරිප්පු කන්ටේනර් 1000කට වැඩිය වරායේ හිරවෙලා!

ඩොලර් හිඟය නිසා සහල් පරිප්පු සීනි අර්තාපල් ලොකු ලූනු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරාය තුළ සිර වී ඇති බව වරාය ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

මෙම තත්ත්වය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල තව තවත් ඉහළ යාහැකි බව වාර්තා වෙන අතර කොළඹ වරාය තුළ සිරවී තිබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 25 ක් ලබාදීමට මහ බැංකු අධිපතිවරයා පසුගිය 16 දා එකඟ වී තිබේ. නිදහස් කරගැනීමට නොහැකිව

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් අතර පසුගිය 16 දා වෙළද අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාව අතරතුර දී අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ කරගනිමින් ඩොලර් මිලියන 25 ලබාගැනීමට කටයුතු කර ඇත. කෙසේ වුණත් ආනයනකරුවන් පවසන්නේ මේක තාවකාලික පැලැස්තර විසඳුමක් බවය. මේ තත්ත්වය ඉදිරියට පැවතුන හොත් ආහාර මිලගනන් පාරිබෝගිකයාට දරාගන්නට බැරි මට්ටමකට ඉහළ යනු ඇති බවත් එම වෙළඳ ප්‍රජාවගේ මතයයි.

Social Sharing
නවතම