සිවිල් සමාජය තරුණ ප්‍රජාව අතරට යා යුතුයි!

Civil society in Sri Lanka must reach out to the youth community

සුරේෂ් නඩේෂන්

මානවහිමිකම් ක්‍රියාකාරික – ඌව ශක්ති පදනම

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් විදිහට සමාජය එක්ක ගණුදෙනු කරන කොට ඔබට අත් දකින්න ලැබුණ දේවල් මොනවාද ?

ඡන්දදායකයාට වගකියන වගකීමෙන් යුතු දේශපාලන සංස්කෘතියක් තමයි රට තුළ බිහි වෙන්න ඕන. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න පුරවැසියාගේ සහභාගිත්වය 85%ක වගේ ප්‍රමාණයක් තිබුණා. නමුත් ඒ ගැන අපි වැඩි කතා බහකට ගියේ නැහැ. මේ ක්‍රියාවලියේදී ප්‍රායෝගිකව අපි කරපු දේවල් බොහෝ දුරට අඩු ප්‍රමාණයක්. ඒවා අත්හදා බලන ක්‍රමයක තිබුණේ. දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයෙන් ඈත් වෙලා එක්තරා විදිහකින් වැඩි බලයක් සහිත අධිකාරියක් උඩ පාලනය කරන ක්‍රමයකට ලං වෙලා තියෙනවා. අපි වගේ පුංචි රටකට එවැනි තත්ත්වයක් අවශ්‍ය නැහැ. මං හිතනවා මේ 20වැනි සංශෝධනය නිසා නැවතත් අපි පසුගාමී තත්ත්වයකට පත්වෙනවා. වර්තමානය එහෙම උනාට අපේ අරගලය වෙනස් වෙන්නේ නැහැ, අපි බලන්න ඕනේ මේ රටේ සුළුතර ජනතාව කොහොමද සහභාගීත්ව ප්‍රවේශයට ගේන්නේ කියලා. එයාලගේ අයිතිවාසිකම් පැත්ත බලන්න අවශ්‍යයි. එක එක ව්‍යුහයන් හරහා බලන්න ඕනේ ඒ අයිතිවාසිකම් පැත්ත කොහොමද දියුණු කරන්නේ කියලා. 20වැනි සංශෝධනයේ අරමුණ මේවා නැවත යථා තත්ත්වයට ගේන්න බැරි පරිසරයක් ගොඩනැගීම. දිගු කාලයකට පස්සේ 2016 – 2019 කාලසීමාව තුළදී තමයි සුළු ජන කණ්ඩායම්වලට හොඳ අවශ්තාවක් ලැබුණේ. එක්තරා විදිහකින් සුළුතර ජන කණ්ඩායම සංවර්ධන ප්‍රවේශයකින් හා රට ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් කැමැත්ත ඔවුන්ගේ වැඩිපුර තිබුණා. කලින් තිබුන අදහසට වැඩිය මං හිතන්නේ මේක තමයි වෙනස් කරගන්න පුළුවන් හොදම අවස්ථාව. මං හිතන්නේ නැවතත් අපි මේ 20 වෙනි ව්‍යවස්ථාව තුළින් කරන්න යන දේ ඉතාමත්ම භයානකයි. මම සුළුතර ජන කණ්ඩායම නියෝජනය කරන කෙනෙක්, මම වාතු කම්කරුවෙක්ගෙ දරුවෙක් විදිහට අවුරුදු දෙසීයකට එහා ඉතිහාසයක් තිබෙන ප්‍රශ්නයක කොටස්කාරයෙක්. කාලෙකට පස්සේ වතුකරයේ ජනතාව තමන්ගේ අභිලාෂ ඇතුළු කරන්න පුළුවන් ව්‍යවස්ථාවකට අදහස දුන්නේ ප්‍රථම අවස්ථාවට, ඒ 19 වැනි සංශෝධනයට. එතකන් එයාලට ව්‍යවස්ථාවකට තමන්ගෙ අභිලාෂයන් ඇතුල් කරන්න වේදිකාවක් තිබුණෙ නැහැ. 2018 – 2019 කාලෙ තමයි එයාලට ඒ අවස්ථාව ලැබෙන්නේ. මේක ඓතිහාසික මොහොතක්. විශේෂයෙන්ම එක්තරා ජන කණ්ඩායමකට ආර්ථිය සමාජීය සංස්කෘතික වශයෙන් ඒගොල්ලොන්ගේ අදහස් ව්‍යවස්ථාවට ඇතුල් කරගන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය වීම තමයි මං හිතන්නේ රටට ගැළපෙන ව්‍යවස්ථාව. මං හිතන ඒකත් දැන් පසුගාමී තත්ත්වයකට යනවා මේ විස්සෙන්.

දැන් නැවතත් අලුත් ව්‍යවස්ථාවක් සඳහා අලුත් කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරලා තිබෙනවා ඒ කමිටුව ගැන විශ්වාසයක් නැද්ද?

අපි ඉස්සෙල්ලා බලන්න ඕනෑ මේ කමිටුව ගැන. ඒකෙ ඉතිහාසය පිළිබඳව. ඒ ප්‍රධානීන්ගේ ප්‍රතිරූපය හා ඒ කමිටුව තුළ ඔවුන් වැඩකරන ආකාරය. අපට හොඳටම පැහැදිලියි කලින් තිබුණු ලාල් විජේනායකගේ කමිටුව, විවෘතව සුළුතර ජනතාවගේ අදහස් එකතු කරන්න පුළුවන් පරිසරයක් තමයි ඒ කමිටුවේ තිබුනේ. නමුත් මෙතැනදී අපට පේන දෙයක් තමයි අවුරුදු එකහමාරකින් ව්‍යස්ථාවක් පාර්ලිමේන්තුවට ගේනව කියනකොට කරන සාකච්ඡාව කෙටිකාලීනයි. මං හිතන්නේ ලංකාවේ අපිට ඉදිරියේ අපි වෙනත් රටවල් එක්ක බලපුවාම දකුණු අප්‍රිකාව වගේ තැනකට පරිවර්තනය වෙලා ඉතාමත් දියුණු මට්ටමේ ව්‍යවස්ථාවක් හදනවා නම් මේ කාලය මදි අපට. විශේෂයෙන් මෙයාලා බලාපොරොත්තු වෙනවා මේ කොරෝනා තත්ත්වයත් එක්ක ඉතාමත් ඉක්මනින් ජනතාවගේ අදහස් ගන්න. සීයට 55ක ඡන්දයක් හම්බ උන කෙනෙක් රටේ ජනාධිපති වෙනවා නම් 60% ක වත් ජනතාවගේ අදහස් තියෙන්න ඕනේ ව්‍යවස්ථාවට. එතකොටයි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් හැදෙන්නේ. මං හිතනවා මෙතැනදී එහෙම තත්ත්වයක් නැහැ.

ගොඩක් අය කියනවා විසිවෙනි ව්‍යවස්ථාව ඇතුලේ කොමිසන් බේරගත්ත කියලා. තොරතුරු දැනගැනීමේ අයිතිය බේරගත්තා කියලා. ඇත්තටම මේක බේරගෙන ද තියෙන්නේ?

ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තුවට වග කියන කමිටුවක් විසින් තමයි මේවා පත් කරන්න ඕනේ. මේ අදාළ ආයතන වල ප්‍රධානීන් තනි පුද්ගලයෙක් විසින් පත් කරනවා නම් ඒක එච්චර හොඳ තත්වයක් නෙමෙයි. දැන් අපට විශ්වාසයක් තියන්න බැහැ තොරතුරු දැනගැනීමේ පනත ගැන දැන් තියෙන තත්ත්වයත් එක්ක. කොමිසමට පත්වෙන කොමසාරිස්වරු සහ සභාපතිවරු ගැන අපට බියක් තියෙනවා. මොකද එයාලා ගැති වෙනවා අර ප්‍රධාන බලය තියාගෙන ඉන්න පුද්ගලයත් එක්ක, එයා නම් ඒ පත්කිරීම කරන්නේ. එතකොට කිසිම විමර්ශනයක් නැහැ. මේක එක්තරා පාර්ලිමේන්තු කමිටුවක් හරහා පත්වෙන්න ඕනේ. මේක තමයි තියෙන ප්‍රශ්නය. මිනිස්සුන්ට කියන්න පුළුවන් අපි මේවා අයින් කරන්නේ නැහැ කියලා. නමුත් ඒවා පත් කරන ක්‍රමය තමයි අපි බලන්න ඕනේ, කවුද මේ වගකීම බාරගන්නේ කියලා. මං හිතන්නේ ඒවා නිදහස් ආයතන වෙන්න ඕනේ. ස්වාධීන ආයතන වෙන්න ඕනේ.

20 දැන් ඇත්තටම ක්‍රියාත්මකයි. කතානායකවරයා අස්සන් කළා. මේ රටේ විශාල ජන ප්‍රවාහයක් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පහුගිය කාලේ හඬ නගපු, ඒවගේම 2015 වෙනසට කැපවුණු ‍ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිගින් දිගටම පෙනී හිටපු. ඔවුන්ගේ අරගලය කුමනාකාර වෙන්න ඕනෑද?

මං හිතනවා සිවිල් සමාජය අසාර්ථක නැහැ. සාර්ථක තත්ත්වයක ඉන්නවා. දැන් අපි බලන්න ඕනේ මේ රටේ හැමවෙලේම දේශපාලන මත ගොඩනගන තැන මොකද්ද කියලා. 70 ගණන්වලින් පස්සේ යුද මානසිකත්වය මත, යුද්ධය තමයි බොහෝ දුරට ප්‍රධාන ධාරාවක් හැටියට සාකච්ඡා කළේ. යුද ජයග්‍රහණය සහ ජාතික හැඟීම්වලට කතා කරපු දේවල්, ජාතිකත්වයට කතා කරපු දේවල් තමයි තිබුණේ. මං හිතන පුරවැසියාට මේවා එතරම් ගැඹුරු අත්දැකීම් නෙමෙයි. නමුත් ඒගොල්ල කෙලින්ම අපි අයිස් කන්ද උඩ කොටස බලනවා වගේ ඒ වගේ සතුටක් තමයි එයාලට තිබුණේ. නමුත් දැන් තරුණ ප්‍රජාවට මේක තේරෙනවා. මේ විෂය පිළිබඳව තේරෙනවා. මේක අපට සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ අදහස් දැක්වීමේදී ඒක අපට පේනවා. මං හිතනවා අපි වගේ පුංචි රටකට මේක විසඳාගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න පුළුවන් කියලා. මොකද මේ වෙලාවේ දී සිවිල් සමාජය ශක්තිමත් විය යුතුයි. සිවිල් සමාජය නිදහස්ව වැඩ කළ යුතුයි. එයාලගේ ස්වාධීනත්වයට ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. අපි බලන්න ඕනේ මේ රටේ අපි කියනවා අපි සතුටින් ජීවත් වෙන්න ඕනේ, ඒ වගේම අපි සංහිඳියාව පැත්තෙන් දියුණු වෙන්න ඕනේ කියලා. ඔබ දන්නවද අද අපේ රටේ තියෙන ජාතිකත්වය ගෙනාපු දේශපාලන ක්‍රමය තුළ අද තරුණ ප්‍රජාවට ඉන්න මිත්‍රයෝ ටික බලන්න. එකම සමාජය මිත්‍රයෝ තමයි ඉන්නේ. 70%ක එක සමාජයක් ගත්තොත් එයාලගේ යාළුවෝ එකම සමාජයක අය. සිංහල ගත්තොත් සිංහල විතරයි එයාලගේ යාළුවෝ හිතවත්කම් ගොඩනගලා තියෙන්නේ. එහෙම පරිසරයක් තුළ දෙමළ ගත්තත් එහෙමයි. උතුර ගත්තත් එහෙමයි. මේක බිඳ දමන්න ඕනේ. අපි අඩුම තරමින් 40% වත් වෙනස් වෙන්න ඕනේ. තරුණ ප්‍රතිපත්තියක් නැතුව මේ රටේ තියෙන ක්‍රමය තුළ ඒ අර ජාතිකත්වය, යුද මානසිකත්වය, යුධ ජයග්‍රහණ මානසිකත්වය, මං හිතනවා මේවා බොහෝ දුරට බලපානවා අපිට. ඒවා වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනේ. තරුණ ප්‍රජාව 30% ක් මේ රටේ තරුණ. මේ සාකච්ඡාව ඔවුන් අතරට යන්න ඕන.

Social Sharing

Related posts