ආරක්ෂක අංශ කියනකොට හොඳයි, පරිසරවේදීන් කියන කොට හොඳ නැහැ!

මහා පරිමාණ වනාන්තර කොල්ලයක් සිදු වෙන බවට සමාජයේ කථිකාවතක් නිර්මාණය වී ඇති බවත් නමුත් මේ වනාන්තර කොල්ලයට සමගාමීව මහා ඉඩම් කොල්ලයක් සිදුවන බවත් මේ තොරතුරු නිරාවරණය කරන පරිසරයේදීන්ව/ සමාජ ක්‍රියාකාරීන්ව/ දේශපාලන ක්‍රියාධරයින්ව දඩමීමා කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතිනවා යැයි පරිසවේදී සජීව චාමිකර මහතා පවසයි.

ඔවුන්ව මර්ධනය කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය, ශක්තිමත්ව ගොඩනඟන්න වර්තමාන රජය කටයුතු කරමින් සිටින බවත් එමෙන්ම මේ කණ්ඩායම වැරදි මතයක් සමාජගත කරමින් සිටින බවට සමාජයට ඒත්තු ගැන්වීමේ ප්‍රබල උත්සහයක නිරතව සිටිනවා යැයිද ඔහු පවසයි.

මේ රජය බොහෝ විශ්වාස කරන ආරක්ෂක අංශයේ ලේකම්වරයා පවා පහුගියදිනෙක පවසා තිබුණේ මහා පරිමාණ වනාන්තර විනාශයක් සිදුවන බවත් තවද පොලිස් විශේෂ කාර්ය බලකා වාර්තාවකින්ද ඒ බව සනාථ කර තිබු බවත් පවසන සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ ආරක්ෂක අංශ කියන ඒවා සත්‍ය ප්‍රකාශ බවට තහවුරු කිරිමට රජය සුදානම් වුවත් පරිසරවේදීන් ලෙස පෙන්වා දෙන කරුණු වලදි ඔවුන්ව මර්ධනය කිරීමට උත්සහ ගන්නා බවත්ය.

ගම සමඟ පිලිසඳර වැඩසටහන තුලින් ජනතාවට ඒත්තු ගන්වමින් යන්නේ මේ වනාන්තර/රක්ෂිත ඉඩම් ජනතාවට කුමන ආකාරයෙන් භූක්ති විඳිමට ලබා දෙන්නේද යන කරුණ බව පෙන්වා දෙන ඔහු පවසන්නේ එහිදී මේ දැව ජාවාරම්කරුවන්ට ලෙහෙසියෙන්ම විධායකය ඇන්ඳවිය හැකි බවය. ඔහු ඊට ආසන්නතම නිදසුන් ලෙස පෙන්වා දුන්නේ දහයියාගල සිදුවීමය.

පහුගිය සංවර්ධන කටයුතු නිසා හම්බන්තොට ප්‍රදේශයේ පමණක් අක්කර 25,000 කට අධික ප්‍රමාණයක් වනාන්තර එළිපෙහෙළි කර ඇති බවත් නමුත් අවසානයේ සිදු වු දෙයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

-ශානි-

Social Sharing
නවතම