ධීවරයින්ට ඉහළ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී ඇත. ඒ අනුව මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ධීවරයින්ගේ ක්‍රය ශක්තිය අනුව ඔවුන්ගේ අභිමතය මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබීමය.

නව ධිවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ, ධීවරයින්ගේ ක්‍රය ශක්තිය හා කැමැත්ත අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවීමට අවස්ථාව හිමි වන අතර එහිදී රු 5,000, රු 10,000, රු 15,000, රු 20,000, රු 25,000 හෝ ඊට වැඩි ආදි වශයෙන් අභිමතය පරිදි වයස අවුරුදු 60න් පසුව මාසිකව ලබාගත හැකි ඕනෑම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායක වීමේ හැකියාව පවති.

මෙම යෝජනා ක්‍රමය යටතේ තවත් විශේෂත්වයක් වන්නේ වයස අවුරුදු 60න් පසුව එළැඹෙන එක් එක් වයස් සීමාවන් තුළ විශ්‍රාම වැටුප් වැඩිවීමයි. එනම් මාසිකව රු 1,000 විශ්‍රාම වැටුපකට දායක වුවහොත් වයස අවුරුදු 64 – 70 දක්වා 1,250 විශ්‍රාම වැටුපක් වයස අවුරුදු 71 – 77 දක්වා රු 2,000 හා අවුරුදු 78න් පසුව රු 5,000ක විශ්‍රාම වැටුපක් ලබාගැනීමට හැකිවන ලෙසය.

මීට අමතරව නව ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීමෙන් ජීවිත රක්ෂණ ප්‍රතිලාභයක් ලැබීම, විශ්‍රාම වැටුප්ලාභියා මියගිය විට දී විශ්‍රාම වැටුප කාලාත්‍රයාට ලැබීම හා ධීවර හා ධීවර කටයුතු ආශ්‍රිත රැකියාවන්හි නිරත වන පිරිසට ද මේ සඳහා දායකවීමට හැකියාව මෙම ප්‍රතිලාභයෙහි ඇති තවත් විශේෂයක් වේ.

Social Sharing
ආර්ථික පුවත්