මහ කන්නයේ අපේක්ෂිත අස්වැන්න සැලකිය යුතු අඩුවීමක්!

මහ කන්නය

ගංවතුර හේතුවෙන් බෝග හානි මෙන් ම රට තුළ මිරිදිය ධීවර කර්මාන්තයට හා ඉස්සන් වගාවට මෙන්ම උපකරණ වලට හානි සිදුවී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් Reliefweb වෙබ් අඩවිය වාර්තා කර ඇති අතර, කුඹුරු අක්කර 137,000ක් හානි වී ඇති බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් පවසයි.

පශු සම්පත් ආශ්‍රිත ගොවීන් මුහුණ දෙන සත්ව ආහාර හිඟය, ගොවිපලවලට හානි සිදුවීම සහ සතුන් අතර රෝග ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යාම මෙන්ම මාර්ගවල අවහිරතා හේතුවෙන් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඇති ප්‍රවේශය සීමා වීම හේතුවෙන් වෙළඳපොළ ආශ්‍රිත අත්‍යවශ්‍ය ආහාර ප්‍රවාහනය සඳහා දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

සැපයුම් හිඟවීම හේතුවෙන් වෙළෙදපොලේ එළවළු මිල 30%-200% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර සහල් සහ පරිප්පු මිල ගතවූ දින කිහිපය තුලදී 2%-5% අතර ප්‍රමාණයකින් සුළු වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආහාර සුරක්ෂිතතා උත්සාහයන්ට සහාය වීම සඳහා අඛණ්ඩ අධීක්ෂණයක් අවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේ.

ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ වගාවන් සඳහා දැඩි ලෙස බලපා ඇති අතර, වී සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග යන දෙකටම විශාල හානියක් සිදුවී ඇති බව එක්සත් ජාතීන්ට සම්බන්ධ Reliefweb වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

දිට්වා සුළි කුණාටුවට පෙර, ගොවීන් 774,996 ක් විසින් වගා කරන ලද ඇස්තමේන්තුගත වී හෙක්ටයාර 563,950 ක් තීරණාත්මක වර්ධන අවධියේ පසුවූ බවත්, දැඩි හා දිගු කාලීන වර්ෂාපතනයෙන් පසු විශාල ප්‍රදේශයක් දැන් ජලයෙන් යටවී ඇති අතර එමඟින් අපේක්ෂිත අස්වැන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වන බව පුරෝකථනය කර ඇත.

සාමාන්‍යයෙන් කුඹුරු වගා බිම් කෙටි කාලීන ගංවතුරට ගොදුරු විය හැකි නමුත්, ජලයෙන් යටවන අවස්ථාවේ දී ගොයම් පැල පසුවන වර්ධන අවධිය අනුව ඊට සිදුවන හානියේ ප්‍රමාණය පුළුල් ලෙස වෙනස් වන බව එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ඊට අමතරව, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග, කෙසෙල් සහ විවිධ එළවළු භෝග ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර භෝග හෙක්ටයාර 95,799 ක් සහ එළවළු හෙක්ටයාර 13,463 ක් ගංවතුරට හසුවීමෙන් සහ දිගුකාලයක් ජලයෙන් යටවීම සහ දැඩි සුළං බලපෑම හේතුවෙන් හානියට ලක්ව තිබේ.

BBC ඇසුරෙනි..

Social Sharing
අවකාශය නවතම