
දිල්ලියෙ සහ සමස්ථ ඉන්දියාවෙ වායු දූශණය වැඩිම කාලෙ ඔක්තෝබර් මාර්තු කාලය. මේ කාල පරාසය තුල විතරක් නොමයි අනෙක් මාසවලත් වෙනසක් නැතිව ඉන්දියාවෙ වාතය දූෂිතයි. නමුත් ඉන්දියාවේ කාලෙන් කාලෙට එයාර් ක්වොලිටි ඉන්ඩිකේටර් වෙනස් වෙනවා. හේතුව මෝසම් සුළං හමන විදිහ.
මහාද්වීප ප්ලාවිතය එක්ක ඉන්දු ඕස්ට්‍රේලියානු ටෙක්ටොනික් ප්ලේට් එක හිමාලය හදාගෙන යුරේසියාවට කරගැහුව බව ඔබ දන්නවනෙ. ඒ සිදුවීමෙන් ලෝකයෙ දේශගුණය ලොකු වෙනසක් වුනා. මුහුදක් තිබ්බ ටිබෙට් කලාපය ලෝකයෙ පියැස්ස බයට පත්වෙමින් ගෝබි කාන්තාරය හැදුනාට පස්සෙ සමකයේ සිට කර්කටක නිවර්තනය දක්වා සුර්යයා මුදුන්වෙන කාලසීමාවෙ නිරිතදිග මෝසමක් සහ සමකයෙ සිට මකර නිවර්තනය දක්වා සූර්යයා මුදුන්වන කාලයෙ ඊසානදිග මෝසමක් ලංකාවට ආවෙ ඒ වෙනසත් එක්ක.
ඉන්දියාව කරන වායු දූෂණයෙ ප්‍රතිළුල ලංකාවට දැනෙන්නෙ ඊසානදිග මෝසම් කාලයෙ. පරණ වාර්තා ගැන හොයලා බැලුවොත් 2024 නොවැම්බරයෙදි දිල්ලියෙ PM 2.5 අගය මුහුදු මට්ටමේදි වාතය ඝණ මීටරයට මෛක්‍රෝග්‍රෑම් 250ක වාර්තාගත අගයක් වුනා. හරියටම ගාන කියන්න බැරිවුනත් 2024 නොවැම්බරයෙදි ලංකාවෙ හැමෝටම කැස්සක් ආවා මතක ඇති.
2025 නොවැම්බරයෙ ඉන්දියාවෙ වායු දූෂණය පට්ට විදිහට වැඩිවෙලා කියලා ඇලර්ට් එකේ ඉන්න දාලා තියෙන AI Agent කියනවා. හිරු නිවුස් එකත් ඒ ගැන පෝස්ට් එකක් දාලා තිබුනා.
පහලින් තියෙන්නෙ වින්ඩි කෙල්ල එයා කොලිටියට අදාල PM2.5, Aerosol, Surface Ozone, SO2, CO, Dust වගේ දේවල් වලට දෙන සිතියම් කීපයක්. ඒකෙන් පේනවා කලින් අවුරුදුවල වගේ මේ මොහොතෙ ලංකාවෙ අපේ වායුව දූෂණය වෙලා නැති බව.

වෙනදට ඉන්දියාවෙ හිමාලය බෑවුම දිගේ බටහිරට ගිහිල්ලා ලක්ෂද්වීප මුහුද දිගේ ඇවිල්ලා බටහිරින් ලංකාවට ඇතුල්වෙන සුලං ප්‍රවාහය මේ වායු පීඩන අවපාතය නිසා ඕස්ට්‍රේලියාවෙන් අප්‍රිකාව දිහාවට ඇවිල්ලා කිලිමැන්ජාරෝ කන්ද නිසා නැගෙනහිරට හැරෙන සුලං ප්‍රවාහයේ බලයෙන් දුර්වල වෙන බවක් පේන්න තියෙනවා. කෙටියෙන් කිව්වොත් ඉන්දියාවෙ කුණු හුලං රකුසා පරද්දන්න මේ අවපාතය දෙයියො එවලා.
පිරිසිදු හුලං ටිකක් එක්ක එන, ඉන්දියානු විශ දුමින් අපිව බේරාගන්නා මේ අවපාතයට ස්තුති කරන්න හිතවතුනි. Windy.com එක බලනඑක පුරුද්දක් කරගන්න. එයා එක්ක ටික දවසක් ඉන්නකොට තේරේවි ලංකාවෙ අපි කොච්චර වාසනාවන්තද කියලා..
